Impartial news reporting for a stronger democratic society
නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඖෂධ පෙති 744500 ක් වත්තලදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026  පසුගිය දා වත්තල ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු ඖෂධ පෙති (Pregabalin Capsules) හත්ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක (744500) තොගයක් රැගත් ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු  නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල සහ ගැමුණු ආයතන, වත්තල පොලිස් ස්ථානය හා එක්ව වත්තල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ලොරි රථයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ‍ලොරි රථයේ තිබී, නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන ඖෂධ පෙති (Pregabalin Capsules) හත්ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක (744500) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ලොරි රථයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.  

Follow by Email
LinkedIn
Share
WhatsApp