
2026 වසර සඳහා වන අයවැය යෝජනාව හෙට (07) පාර් ලිමේන්තුවට දිරිපත් කිරීමට නියමිතයි.
මෙවර අයවැය හෙට පස්වරු 01:30ට ජනාධිපති අනුර කුමාර දිසානායක , මුදල් ක්රමසම්පාදන හා ආර් ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස පාර් ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8 වැනි දින සිට දින 6ක් පැවැත්වීමට නියමිත අතර දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම 14 වැනි සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතව තිබේ.
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 වැනි දා සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වැනි දින පස්වරු 6ට සිදු කිරීමට නියමිතය.
ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද මහජන නියෝජිතයින් ඇතුළු කාණ්ඩායම් රැසක් 2026 අයවැය සදහා විවිධ අදහස් පළ කරමින් සිටිති. විශේෂයෙන් රට මුහුණ දී ඇති ගැටලු රැසකට මෙම අයවැය මගින් විසදුම් ලැබෙන බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පවසති. කේසේ නමුත් අයවැයත් සමග ආණ්ඩුවේ ගමන් මග තීරණය වන බව දේශපාලන විචාරකයන් පවසති.
දුමින්ද ගුරුගේ
