Impartial news reporting for a stronger democratic society
ඉරානයට එරෙහිව අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් එය කලාපීය යුද්ධයක් බවට පත් වීම වළක්වන්න බැහැ – ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි කියයි  

ඉරානයට එරෙහි  අමෙරිකා එක්සත් ජනපදය ප්‍රහාරයක් එල්ල කළහොත් එය  කලාපීය යුද්ධයක් අවුලුවන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි  පසුගිය දා අනතුරු ඇඟවා ඇත.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මේ බව පවා ඇත්තේ පහ්ලවි පාලනය අවසන් කළ 1979 ඉස්ලාමීය විප්ලවයේ 47 වැනි සංවත්සරයට පෙර ටෙහෙරානයේ පැවති රැස්වීමක් අමතමිනි.

තවදුරටත් අදහස් දැක්වු අයතුල්ලා අලි කමේනි මෙසේ  පවසා තිබේ.

මෙවර  අමෙරිකා එක්සත් ජනපදය යුද්ධයක් ආරම්භ කළහොත්, එය මුළු කලාපය පුරාම පැතිර යෑම වැළක් විය නොහැකියි.  වොෂින්ටනය, පර්සියානු ගල්ෆ් වෙත ගුවන් යානා වාහක සහ යුද නැව් යෙදවීම  අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා.  මෙවැනි පියවරයන්  අලුත් දෙයක් නොවේ . අමෙරිකානු නිලධාරීන් අතීතයේ දීත් නැවත නැවතත් සමාන අනතුරු ඇඟවීම් නිකුත් කර  තිබෙනවා. දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් නැමැති මිනිසා  නිරන්තරයෙන්  අපට කියා සිටින්නේ,  අපි යුද නැව් ගෙනාවා සහ යනාදියයි. ඉරාන ජාතිය එවැනි දේවල්වලින්  බිය  ගැන්විය නොහැකි. ඉරානයේ ජනතාව මෙම තර්ජනවලට බලපෑම් කරන්නේ නැහැ.

 පසුගිය බදාදා, ට්‍රම්ප් නැමැති  මිනිසා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් කියා සිටියේ, අමෙරිකාවේ දැවැන්ත නාවික බැලැනියක් ඉරානය දෙසට ගමන් කරන බවත්, වහාම සාකච්ඡාවලට එළඹෙන ලෙසත් ටෙහෙරානයෙන් ඉල්ලා සිටිනවා. මෙම ප්‍රකාශය  අමෙරිකා එක්සත් ජනපද මිලිටරි ප්‍රහාරයක් පිළිබඳ සමපේක්ෂණයට හේතු වූ අතර, ඉරාන නිලධාරීන්ගෙන් දැඩි ප්‍රතිචාර මෙන්ම කලාපයේ කාර්යබහුල රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරකම් ද ඇති  කළා.ඉරානය කිසිදු යුද්ධයක ආරම්භකයා නොවෙන බව  කිවයුතුයි. කිසිදු රටකට පහර දීමට උත්සාහ කරන්නේ නැහැ . අප ප්‍රකාශ කරන්නේ, අපට  පහර දෙන හෝ හිරිහැර කරන ඕනෑම කෙනෙකුට ස්ථිර පහරක් ලබා දෙන බවයි.

ඉරානයේ මෑතකදී පැවති රාජ්‍ය විරෝධී විරෝධතාව කුමන්ත්‍රණයක්. මෙම විරෝධතා  සහ අමෙරිකාවේ  බලපෑම එක සමානයි. නමුත් අවසානයේ  ඒවා ව්‍යර්ථ  වුණා.  මෙම රාජ්‍ය විරෝධී විරෝධතාවයෙන්  සිදු  වුයේ, රට පාලනය කිරීමට සම්බන්ධ සංවේදී හා ඵලදායී මධ්‍යස්ථාන විනාශ කිරීම  හැරෙන්නට  වෙන දෙයක් නොවේ.

විරෝධතාවලට සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කළ කැරලිකරුවන්යට  සහය දුන් අය  ත්‍රස්තවාදීන් ලෙස  අප හඳුන්වනවා. මේ අයට  සහය දෙන්නේ  අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය බව අප කියන්න මැලිවන්නේ  නැහැ.

Cyber World Press -Tehran

Follow by Email
LinkedIn
Share
WhatsApp