Impartial news reporting for a stronger democratic society
FCIDයෙන් ශිරන්තිට උපන් දින තෑග්ගක්

ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ ජන්ම දිනය යෙදී ඇති අද (23) දිනයේම ඇයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් (FCID) විශේෂ කැඳවීමේ ලිපියක් ලැබී ඇති බව සඳහාන් වෙයි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත මෙම දැනුම් දීම සිදු කැර ඇත.
ඒ අනුව, තංගල්ල කාල්ටන් නිවෙසේ පදිංචි ශිරන්ති රාජපක්ෂ ට ඉදිරි දිනකදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස  ද නියෝග කැර තිබේ.
මෙම කැඳවීම සිදුකර ඇත්තේ “සිරිලිය සවිය” සංවිධානයේ ලියාපදිංචිය, එහි ක්‍රියාකාරීත්වය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
අදාළ කරුණු සම්බන්ධයෙන් පූර්ණ දැනුවත්භාවයකින් යුතුව එදිනට පැමිණෙන ලෙසට ඇයට දැනුම් දී ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp