Impartial news reporting for a stronger democratic society
රජයේ රෝහල්වල වෛද්‍යවරු පැය 48ක් සංකේත වැඩවර්ජනයක

දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන්  හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් සංකේත වැඩවර්ජනයක නිරත වෙන බව  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය  කියයි.

නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් එකඟතා මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමය පවසයි.

කෙසේ වෙතත්, මාතෘ හා ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි

Follow by Email
LinkedIn
Share
WhatsApp