
චීනයේ 14වැනි පස් අවුරුදු සැලසුමෙන් ප්‍රතිඵල රැසක් ලබා ගෙන ඇති බව අනවරණය වෙයි.
එම සැලසුම ක්‍රියාත්මක කළ අවසන් වසර වශයෙන් 2025 වසරේ චීනයේ ප්‍රධාන ආර්ථික හා සමාජීය ඉලක්ක පූර්ණ වශයෙන් සපුරාගෙන ඇතැයි චීන ජාතික සංඛ්්ය යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය (19) නිකුත් කළ දත්තවලින් පෙනි යයි.

එම කාල සීමාව තුළ සංකීර්ණ දේශීය හා විදේශීය ආර්ථික පරිසර මධ්‍යයේ චීන ජනාධිපති ෂී ජින් පිං ප්රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ, මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ රටේ සියලු ප්‍රදේශ හා ආයතන එක්ව ජාතික ආර්ථිකය ස්ථාවර ව හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කැර ඇතැයි චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත අනුව 2025 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 140 ඉක්මවා ගොස් ඇත. එය 2024 වසරට සාපේක්ෂව 5%ක වර්ධනයකි. එසේම චීන නේවාසිකයන්ගේ වසරක ආදායම ද පෙර වසරට වඩා අඛණ්ඩව වර්ධනය වී තිබේ. එම සංවර්ධනය 5%කි. ඒ අතර චීන නේවාසිකයන්ගේ පාරිභෝගික මිල දර්ශකය පෙර වසර හා සමාන මට්ටමක පවතින බව එම දත්තයන්හි දැක්වේ. එසේ ම පාරිභෝගික භාණ්ඩයන්හි සමස්ත සිල්ලර අලෙවිය 2025 වසරේදී චීන යුවාන් ට්‍රිලියන 50 ඉක්මවා 2024 වසරට සාපේක්ෂව 3.7%කින් වැඩි වී ඇත.
වසරක ආදායම චීන යුවාන් දෙකෝටියකට වැඩි අතිරේක අගයන්හි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ. එම අගයන් 2024 වසරට සාපේක්ෂව 5.9%ක සංවර්ධනයක් බව ද චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තවලින් පෙන්නුම් කෙරේ.
