
දකුණු දිග පාකිස්තානයේ බලුකිස්තාන ප්රාන්ත රජයේ හමුදාව සහ බලුකිස්තාන විමුක්ති පෙරමුණ අතර සිදු වූ ගැටුම්වලින් හමුදා සෙබළුන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලුකිස්තාන පෝස්ට් පුවත් සේවය උපුට දක්වමින් Cyber World Press සඳහාන් කරයි.
එම ප්රාන්තයේ කාරන් දිස්ත්රික්කයේ පසුගියදා එම ගැටුම් සිදුවී ඇති අතර, පැය 9කට අධික කාලයක් දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුව සිදු වූ බව ද සඳහාන්ය.
නිවේදනයක් නිකුත් කරමින් බලුකිස්තාන විමුක්ති පෙරමුණ ප්රකාශ කැර ඇත්තේ රජයේ හමුදාවට එරෙහිව සිදු කළ යුද ගැටුම්වලින් සිය සංවිධානයේ සාමාජිකයන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

එම නිවේදනයට අනුව බලුකිස්තාන විමුක්ති පෙරමුණ කාරන් නගරයේ පොලිස් ස්ථානය අත්පත් කරගෙන ඇතැයි ද, පොලිස් නිලධාරීන් ප්රාණ ඇපයට ගෙන ඇතැයි ද සඳහන් වන අතර, අවි ආයුධ තොගයක්ද සංවිධානය භාරයට ගෙන ඇතැයි ද සඳහාන් වේ. එම සංවිධානයට අයත් තවත් කණ්ඩායමක් නගරයේ බැංකු කිහිපයකට ප්රහාර එල්ල කළ බව එම නිවේදනයේ සඳහන් වී ඇතැයි බලුකිස්තාන පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙන බව Cyber World Press සඳහාන් කරයි.
Cyber World Press – Islamabad
