Impartial news reporting for a stronger democratic society
ෂී – ලී හමුවෙද්දී උන් බැලස්ටික් මිසයිලයක් මුදා හරී

දකුණු කොරියානු ජනපති ලී ජේ ම්යුඞ් චීනයේ  ජනාධිපති ෂී ජීන් පිංග් හමු වීමට පැය කීපයකට පෙර එනම්, ඊයේ (04) උතුරු කොරියාව බැලස්ටික් මිසයිල මුදා හැරි ඇති බව අනාවරණය වෙයි.

අවම වශයෙන් ඊයේ මිසයිල දෙකක්වත් උතුරු කොරියාව   මුදා හැර ඇති බව  විදේශ මාධ්‍ය සඳහාන් කරයි.

මෙයට දෙමසකට පෙර  උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක ද  නිරත වී ඇත..
අමෙරිකාව එක්සත් ජනපද  පෙරේදා (03) වෙනිසියුලාව ආක්‍රමණය කිරීම උතුරු කොරියානු නායක , කිම් ජොංග් උන් දැඩි විවේචනයට ලක් වී තිබේ.  එය, වෙනිසියුලාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බවත්, එමඟින්, එක්සත් ජනපද නායකත්වයේ “තක්කඩි” සහ අමානුෂීය ස්වරූපය යළි අනාවරණය කැර ඇති බවත්, ඔහු නිකුත් කළ නිවේදනයක  මැනවින් සඳහාන් වෙයි.

උතුරු කොරියාව , මිසයිල මුදා හැරීම සිදු කළේ දකුණු කොරියානු   ජනපති, ලී ජේ ම්යුඞ් සිය චීන සංචාරය ඇරඹීමට පැය කිහිපයකට පෙර ය. කොරියානු අර්ධද්වීපයේ තිරසර සාමය, දකුණු කොරියානු  නායකයාගේ  චීන සංචාරයේ අරමුණ බව විචාරකයන් පෙන්වා  දෙයි. ඔහු චීනයේදී ජනපති ෂී ජින්පිංග්  සමඟ සමුළුවකට සහභාගී  ඇති බවද සඳහාන්ය.

මිසයිල මුදා හැරුණේ, උතුරු කොරියාවේ පියෝන්ග්යැන්ග් අගනුවර සිට කොරියානු – ජපන් මුහුදු සීමාව අතරට ය.    දකුණු කොරියාව හා ද්වීපාර්ශ්වීය සබඳතා පැවැත්වීමෙන් ඈත්ව සිටින ලෙස හා චීනයේ න්‍යෂ්ටික අවි හරණ ප්‍රතිපත්තිය පිළිබඳව එමඟින්, උතුරු කොරියාව විසින් චීනයට ප්‍රබල පණිවුඩයක් ලබා දෙන බව, දකුණු කොරියාවේ  සියොල් හි පිහිටි ඈත පෙරදිග පිළිබඳ අධ්‍යයනායතනයේ මහාචාර්ය ලිම් ඉයුල්-චුල් කියා සිටී.

“න්‍යෂ්ටික සහ හමුදා ශක්තියෙන් යුත් රාජ්‍යයක් ලෙස, අප වෙනුසියුලාවට ඉඳුරා වෙනස්, සහ දැඩි ප්‍රතිචාර දැක්වීමේ පෙර සූදානමින් පසුවන රාජ්‍යයක් ” බවට ද උතුරු කොරියාව එමඟින් පණිවුඩයක් නිකුත් කැර ඇතැයි ද ඔහු පවසයි.  

වෙනිසියුලාවේ සිදු වූ දෑ පිළිබඳව මේ මොහොතේ වඩාත් බියට පත් තැනැත්තා,   උතුරු කොරියානු නායක, කිම් ජොංග් උන් බව, යොන්සේ විශ්වවිද්‍යාලයේ ආරධිත මහාචාර්ය බොඞ් යන්ග්ෂික් කියයි.

සියොල් සහ තෝකියෝ අගනුවර ද  උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කැර ඇත.  දකුණු කොරියාව හදිසි ආරක්ෂක හමුවක්  නිවේදනය කළේය. එක්සත් ජාතීන්ගේ  ආරක්ෂක කවුන්සිල ප්‍රඥප්තියට පටහැණි උද්වේගකර   ක්‍රියා සිදු කිරීමෙන් වලකින ලෙස එමඟින් උතුරු කොරියාවට දන්වා තිබේ.

(සටහන Reuters ඇසුරින්, හර්ෂ උදයකාන්ත පීරිස් )

Follow by Email
LinkedIn
Share
WhatsApp