Impartial news reporting for a stronger democratic society
බංග්ලා­දේ­ශ ශිෂ්‍ය අර­ග­ල­යෙන් බිහිවූ පුර­වැසි පක්ෂය දෙකඩ වෙයි

බංග්ලා­දේ­ශයේ තරුණ කොටස්  පිහි­ටු­වා ගත් ජාතික පුර­වැසි පක්ෂය ඉදිරි මැති­ව­ර­ණ­යේදී එරට ජමාටි ඉස්ලාම් අන්ත­වාදී මුස්ලිම් සංවි­ධාන පක්ෂය සමඟ සන්ධානගත ­වී­මට ගත් තීර­ණයත් සමඟ  එම පක්ෂය කොටස් දෙක­කට බිඳී ගොස් ඇතැයි එරට මාධ්‍ය සඳහාන් කරයි.

ශෙයික් හසී­නාගේ රජය බිඳ දැමී­මට මූලි­ක­ත්වය  ගත් තරණ කණ්ඩායම් එකරාශී වී  මෙම පක්ෂය පිහිටුවා ගෙන ඇති බව සඳහාන්ය.

දූෂ­ණය සහ අන්ත­වා­දය පිටු­දැ­කීමේ බල­වේ­ග­යක් ලෙස ක්‍රියා­ත්මක වන පුර­වැසි පක්ෂයේ ප්‍රති­ප­ත්ති­යට එරෙ­හිව එම පක්ෂයේ නාය­ක­යන් ගත් තීර­ණය සම්බ­න්ධ­යෙන් විරෝ­ධතා රැසක් මතු වී ඇතැයි ද  අනාවරණය වෙයි . ඉදිරි මැති­ව­ර­ණ­යේදී එම පක්ෂ­යෙන් නාම­යෝ­ජනා භාර­දී­මට නිය­මි­තව සිටි ශිෂ්‍ය අර­ග­ල­යේ පෙර­මුණ ගත් නායි­කා­වක වන ටස්නීම් ජාරා ස්වාධීන අපේ­ක්ෂි­කා­වක ලෙස තරගවදින බව දැන­ට­මත් නිවේ­ද­නය කැර ඇති අතර, පුර­වැසි පක්ෂය යටතේ නාම­යෝ­ජනා භාර­දී­මට නිය­මිත තවත් තරුණ තරු­ණි­යන් රැසක් ද ඉදි­රි­යේදී ස්වාධී­නව තරගවැදී­මට සූදා­න­මින් සිටින බවද බංග්ලා­දේශ මාධ්‍ය වැඩි­දු­ර­ටත්  සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp