
බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිවරියවන කලීඩා ෂීයා අද(30)අභාවප්‍රාප්ත වුවාය.
මියයන විට 80 වැනි වියේ පසු වූ ඇය බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දී මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
පසුගිය නොවැම්බර් මස 23වැනිදා රෝහල්ගත කළ කලීඩා ෂීයා, දෙසැම්බර් මස 11වැනිදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහායෙන් ජීවත් වී ඇත.
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා ෂීයා එරට පළමු කාන්තා අගමැතිවරිය වේ. “අපේ ප්‍රියතම නායිකාව තවදුරටත් අප සමඟ නැත. ඇය අද උදෑසන 6 ට අප හැර ගියාය,” ෂීයාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ෆේස්බුක් හි සටහන් කැර තිබුණි.
සඳුදා රාත්‍රියේ වෛද්‍යවරු පවසා තිබුණේ සියාගේ තත්ත්වය “අතිශයින්ම අසාධ්‍ය” බවයි. ඇයට ශ්වසනාධාර යන්ත්‍ර සවි කැර තිබුණද, ඇගේ වයස සහ සමස්ත දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එකවර ප්‍රතිකාර කිහිපයක් ලබා දීමට නොහැකි වූ බව ඔවුහු පවසා ඇත.
වසර 20කට පසු රටේ පැවති පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් පසු 1991 වසරේ දී කලීඩා ෂීයා, බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිවරිය බවට පත් වුවාය.
