Impartial news reporting for a stronger democratic society
පෞද්ගලික ගිනි අවිය අපරාධ කල්ලියකට ලබා දුන්නා යැයි කියන සිද්ධියකට ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

හිටපු  ඇමැතිවරයකු වූ ඩග්ලස් දේවානන්දා මහතා අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

සිය පෞද්ගලික ගිනි අවිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතට පත් කිරීමේ චෝදනාවකට අදාළව ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) අත්අඩංගුවට ගෙන ඇත.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනි අවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ට ලබා දුන්නා යැයි කියන  සිද්ධියකට අදාළව සිදු කරන විමර්ශනයකට අනුව ඩග්ලස් දේවානන්දා මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp