Impartial news reporting for a stronger democratic society
‘ ග්‍රීන් කාඩ් ’ වැඩසටහන ට්‍රම්ප් වැට බදී

 අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ගේ නියෝගයෙන් ‘ ග්‍රීන් කාඩ් ’ වැඩසටහන වහාම ක්‍රියාත්මකවන පරිදි නවතාදමන ලෙස නියෝග කැර ඇත.

බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩිතැබීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

එම වෙඩිතැබීමෙන් සිසුන් දෙදෙනෙකු මරණයට පත් වූ අතර, නව දෙනෙකුට තුවාල  ලැබීය.

ඒ අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයා එරට බලධාරීන්ට නියෝග කැර ඇත්තේ, එක්සත් ජනපද පුරවැසිභාවය ලබාදෙන මෙම ආගමන සේවා වැඩසටහන නවතා දමන ලෙසයි.

මෙම වීසා වැඩසටහන මඟින් ලොව පුරා පුද්ගලයින් 50,000කට සෑම වසරකම නිත්‍යානුකූල ලෙස අමෙරිකාවට ඇතුළු විය හැකිය.

ඒ අනුව මෙම වසරේ ද ‘ග්‍රීන් කාඩ්’ සඳහා මිලියන 20කට ආසන්න පිරිසක් අයදුම් කැර ඇති බව සඳහන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp