Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකාවේ සමාගමකින් මාලදිවයිනට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Wind Force මාලදිවයිනේ ජෝයි දූපතේ 432.2 kWp වහල සූර්ය PV බල ව්‍යාපෘතියක් ආරම්භ කැර තිබේ.

EPC කොන්ත්‍රාත්තුවක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. අමෙරිකානු ඩොලර් 321,000ක ව්‍යාපෘති පිරිවැයකින් Wind force ඉංජිනේරු සැලසුම්, ප්‍රසම්පාදන සහ කොමිස් කිරීම සපයනු  ලබයි.

“සේවාදායකයාගේ සංශෝධිත අවශ්‍යතාවලට අනුකූලව, ව්‍යාපෘති ධාරිතාව සහ එහි ප්‍රතිඵලයක් ලෙස මුළු ව්‍යාපෘති පිරිවැය මූලික නිවේදනයේ සිට වැඩි කරන ලදී.”

“මාලදිවයිනේ ජෝයි දූපතේ 432.2 kWp වහල සූර්ය PV බල ව්‍යාපෘතිය 2025 දෙසැම්බර් 13 වැනි දින සාර්ථකව ආරම්භ කළ බව,” සමාගම පැවසීය.

මෙම ව්‍යාපෘතිය මාලදිවයිනේ කාෆු අටෝල් හි කසන්ෆුෂි හි ජෝයි දූපතේ පිහිටා ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp