
නැඟෙනහිර මියන්මාරයේ තායිලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි කයින් ප්‍රාන්තයේ පිහිටි සයිබර් අපරාධ මධ්‍යස්ථාන, මියන්මාර හමුදා මෙහෙයුමකින් පසු වටලා එහි සිටි ජාවාරම්කරුවන් සහ ඔවුන් භාවිත කළ විශාල ගොඩනැඟිලි , පුපුරන ද්‍රව්‍ය බුල්ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් විනාශ කිරීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මේ වනවිට මියන්මාර හමුදාව එම ප්‍රාන්තයේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන වැටලීමේ දැවැන්ත මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ්වායේ සිරවී සිටි පුද්ගලයන් බෙිරා ගැනීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
සයිබර් අපරාධ මධ්‍යස්ථාන වැටලීමේ මෙහෙයුමට නායකත්වය ලබා දෙන කර්නල් මින් තූ ක්යැව් ප්‍රකාශ කැර ඇත්තේ, එවැනි මධ්‍යස්ථානවල සිටින විවිධ රටවලට අයත් පුද්ගලයන් කළමනාකරණය කිරීමට බලධාරීන් දැඩි උත්සාහයක නිරතව සිටින බවයි.

සයිබර් අපරාධ මධ්‍යස්ථාවල සිර වී සිටි විදේශිකයන් විශාල පිරිසක් මේ වන විට හමුදා බාරයට ගෙන ඇති අතර, ඔවුන් විවිධ රටවල පුරවැසියන් බවට ද හඳුනා ගෙන තිබේ. ජාත්‍යන්තර ප්‍රජාව මියන්මාරයට පැමිණ සිය පුරවැසියන් නැවත රැගෙන යෑමට කටයුතු කළ යුතු බව එරට ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් අවුන් ක්යැව් මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කැර තිබේ.
පසුගිය ජනවාරියේ සිට සයිබර් අපරාධ මධ්‍යස්ථාන වැටලීමේ මෙහෙයුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා රටවල් 47කට අයත් 13,272 දෙනකු හමුදා බාරයට ගෙන ඇති අතර, ඉන් 1,655 දෙනකු තවමත් රඳවා සිටින බව සඳහාන්ය.

තායිලන්තයේ සිටින Cyber World Press වාර්තාකරු පැවසුවේ, මෙම සයිබර් අපරාධ කඳවුරුවල සිටි ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු ඇතුළුව ජාතීන් 20කට අයත් පුද්ගලයන් 250කට අධික පිරිසක් මුදාගෙන මුලික පරීක්ෂණවලින් පසු ඒ් ඒ් රටවල තානාපති අංශ වෙත භාරදුන් බවයි.
තායිලන්තයේ සිටින Cyber World Press වාර්තාකරු
