Impartial news reporting for a stronger democratic society
“එක මාවතක් – එක තීරයක් වැඩ සටහන ඉදිරියට” චීනය සහ සිංගප්පූරුව පුළුල් එකඟතාවකට එයි

චීනය සහ සිංගප්පූරුව අතර සහයෝගිතාව පුළුල් කිරීමටත් කලාපීය සමෘද්ධිය සහ ස්ථාවරත්වය ශක්තිමත් කරමින් බහුපාර්ශ්වික වෙළෙඳ පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය සහ සිංගප්පුරුව ඊයේ(15) එකඟත්වයකට පැමිණ තිබේ.

චීන උප අගමැති Ding Xuexiang මහතා සහ සිංගප්පූරු නියෝජ්‍ය අගමැති Gan Kim Yong මහතා සම සභාපතිත්වය දරමින් චීනයේ චොංචිංහි පැවති රැස්වීමකදී දෙපාර්ශ්වය එකඟත්වයකට පැමිණ ඇත.

රැස්වීම් අතරතුර, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ උසස් තත්ත්වයෙන් ඒකාබද්ධ කිරීම, ජාතික මට්ටමින් ද්විපාර්ශ්වික සහයෝගිතා ව්‍යාපෘති සහ ආර්ථික, වෙළෙඳ, තිරසර සංවර්ධනය, නවෝත්පාදනය, මූල්‍ය, මහජන සෞඛ්‍ය, මානව මෙන්ම සංස්කෘතික හුවමාරු වැනි ක්ෂේත්‍රවල සහයෝගිතා පිළිබඳව ඔවුන් ගැඹුරින් අදහස් හුවමාරු කැර ගෙන තිබේ.

දෙරටේ නායකයන්ගේ උපායමාර්ගික මඟපෙන්වීම සහ නිවැරදි දේශපාලන දැක්ම හේතුවෙන් චීන -සිංගප්පූරු සබඳතාවන් දිගුකාලීන, ස්ථාවර සංවර්ධනයක් කරා ගමන් කරන බව Ding Xuexiang මහතා එහිදී පෙන්වා දී ඇත.දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කරමින් එකිනෙකාගේ මූලික අවශ්‍යතාවන්ට ගරු කළ යුතු බව ද ඔහු  පෙන්වා දී ඇත.

සිංගප්පූරුව චීනය සමග සබඳතා වර්ධනය කර ගැනීමට විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, එකම චීනය යන මූලධර්මයට දැඩි ලෙස අනුගත වන අතර ඊනියා “තායිවානයේ ස්වාධීනත්වයට” විරුද්ධ වන බවත් Gan Kim Yong මහතා සඳහන් කැර ඇත.. සියලු ක්ෂේත්‍රයන්හි හුවමාරු ඉහළ නැංවීමට සහ ද්විපාර්ශ්වික සබඳතාවල වැඩි දියුණුව ප්‍රවර්ධනය කිරීමට සිංගප්පූරුව චීනය සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත්  පවසා ඇති බව සඳහාන්ය.

චන්දන විජේකෝන්

විසින්

Follow by Email
LinkedIn
Share
WhatsApp