
උතුරුදිග පාකිස්තානයේ, ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පාකිස්තාන හමුදාවේ 9 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහාන් කරයි.
හමුදා සාමාජිකයන් 6 දෙනකු සහ පොලිස් නිලධාරීන් තිදෙනකු එම ප්‍රහාරයට ගොදුරු වී ඇතැයි ද වාර්තා වේ. පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන හමුදා අතර දේශසීමා ගැටුම් අතරතුර එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ සහාය ලබන ආයුධ සන්නද්ධ සංවිධානයකින් බවට පාකිස්තානය චෝදනා කැර ඇතැයි ද, එය පාකිස්තානයේ අභ්‍යන්තර සිදුවීමක් බව කියමින් තලේබාන් රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කැර ඇතැයි ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් කියයි. කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නැති බව ද සඳහාන්ය.එය මෑත දින කිහිපය පුරා බලුකිස්තාන ප්‍රාන්තයේදී ද ස්ථාන රැසක ආරක්ෂක අංශවලට ප්‍රහාර රැසක් එල්ල වී ඇති අතර, එම ප්‍රාන්තයේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් වන බලුකිස්තාන ජනරජ බළකාය සහ බලුකිස්තාන විමුක්ති පෙරමුණ එහි වගකීම භාරගන්නා බවට නිවේදනය කළ බව ද සඳහාන් වෙයි.
