Impartial news reporting for a stronger democratic society
2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 1500 රිදී පදක්කම ලහිරු අචින්ත දිනා ගැනී

2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උ‌ලෙළ (Youth Olympic Games – YOG) මෙවර 🇸🇳 සෙනගාල රාජ්‍යයේ ඩකාර් නුවරදී මේ දිනවල පැවත්වේ.

ඒ සදහා ශ්‍රී ලංකාවේ ලහිරු අචින්ත මීටර් 1500m ඉසව්ව නියෝජ­නය කරන අතර , එහි රිදී පදක්කමක දිනාගැනීමට සමත් විය. එහි දක්ශතාවය ලෙස විනාඩි 3:59.08 කාලයක් වාර්තා කළ අතර,  මේ වන විට ඔහු රත්නපුර නව නගර කුමර විද්‍යාලයේ ඉගෙනුම ලබයි. ලහිරු අචින්ත 2025 වසරේ බහරේන් නුවර පැවති Youth Asian Games තරගාවලියේ දී මීටර් 1500m ඉසව්ව නව තරග වාර්තාවක් සමඟ රන්පදක්කම  පදක්කම දිනා ගැනීමට සමත් වීම විශේෂයත්වයකි. 

ශ්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනා ගත් දෙවැනි අවස්ථාවද මෙය වේ. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවන් 2018 වසරේ ආර්ජන්ටිනාවේ පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් තරගාවලියේදී පාරමී මාරිස්ටෙලා කාන්තා මීටර් 2000m බාධක දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් අතර, ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ජනිත ජයසිංහ මහතාය. 

සමීර මදුසංක හේවා ගමගේ

Follow by Email
LinkedIn
Share
WhatsApp