Impartial news reporting for a stronger democratic society
හිටපු ජනපති Jiang Zemin පරමාදර්ශයක් – චීන ජනපති කියයි

හිටපු චීන ජනපති Jiang Zemin ගේ 100වන ජන්ම දින සංවත්සරය උත්සවයක් අද (17) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

 චීන ජනාධිපති, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං ඊට එක් වු අතර  දේශනයක්  ද පැවැත්වීය.

Jiang Zemin සිය දීප්තිමත් දිවිම‍ගේ චීන ජාතික ස්වාධීනත්වය ,ජනතා විමුක්තිය, රටේ සමෘද්ධිය හා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් සටන් කළ බව ජනාධිපති  ෂී ජින්පිං දේශනයෙන් කියා සිටියේය.

දශක 7ක විප්ලවීය ජීවිතය තුළ විශේෂයෙන් 13වැනි චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ 4 වැනි පූර්ණ සැසිය පැවැත්වීමෙන් පසු පක්ෂයේ හා රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමේදී Jiang Zemin සතු දැනුම හා දැක්ම පරිණත දේශපාලනඥයකු වශයෙන් මැනවින් විදහා දක්වූ අතර, අපගේ පරමාදර්ශයක් බව ද  ජනාධිපති ෂී ජින්පිං  පැවසීය.

රටේ දීප්තිමත් ඉදිරි ගමන පිළිබඳ Jiang Zemin දැඩි ආත්ම විශ්වාසයකින් පුරෝකථනය කර ඇත. අද එම පුරෝකථනය කෙමෙන් යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන බව චීන ජනාධිපතිවරයා සඳහන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp