Impartial news reporting for a stronger democratic society
සාමය ඉල්ලා සෙලෙන්ස්කි බැගැපත් වෙයි: මුහුණට මුහුණ හමුවී සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳ  ගනිමු ! සෙලෙන්ස්කි ලිපියකින් පුටින් ට කියයි

යුද්ධය අවසන් කිරීම සඳහා තමන් උත්සාහයක් ගන්නා බවත්, රුසියානු  ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් යුක්රේන ජනාධිපති  වොලොඩිමියර් සෙලෙන්ස්කි  ප්‍රකාශ කැර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා වෙත විවෘත ලිපියක් යවමින් යුක්රේන  ජනාධිපතිවරයා මේ බව සඳහාන් කැර ඇති බව මොස්කව් නුවර සිටින Cyber World Press  විශේෂ නියෝජිත සඳහාන් කරයි.

 යුරෝපයේ යුද්ධය නැවත වරක්  අමෙරිකා එක්සත් ජනපදයේ අවධානයට ලක්වන තෙක් “සරලව බලා සිටීම වැරදි” බවත්, සාමය ඇති විය හැක්කේ යුක්රේනය සහ රුසියාව අතර “සෘජු මැදිහත්වීමක්” හරහා පමණක් බව යුක්රේන  ජනාධිපතිවරයා ලිපියේ සඳහාන් කැර ඇත.

යෝජිත සාකච්ඡා කාලය සඳහා සම්පූර්ණ සටන් විරාමයක්  අවශ්‍ය බව ජනාධිපති  වොලොඩිමියර් සෙලෙන්ස්කි  ඉල්ලා සිටිය ද ,  රුසියානු  ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එය ප්‍රතික්ෂේප කැර ඇති බව Cyber World Press  විශේෂ නියෝජිත සඳහාන් කරයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  පසුගිය බ්‍රහස්පතින්දා (05) පවසා ඇත්තේ නායකයන් දෙදෙනා හමුවන්නේ නම් “එය ඉතා හොඳ වනු ඇතැයි” තමා විශ්වාස කරන බවයි.

වොලොඩිමියර් සෙලෙන්ස්කි ගේ  ලිපිය ලැබුණු බව ක්‍රෙම්ලිනය තහවුරු කැර තිබුණත්  ඊට පිළිතුරු සැපයීම සිදු නැත.

“යුක්රේනය අප හා ඔබ අතර සෘජු මැදිහත්වීමක් හරහා මෙම යුද්ධය අවසන් කිරීමට යෝජනා කරනවා. මම රැස්වීමක් යෝජනා කරමි,” සෙලෙන්ස්කි තම ලිපියේ සඳහාන් කැර ඇත.

ශාන්ත පීටර්ස්බර්ග්හි විදේශීය මාධ්‍යවේදීන් අමතමින් පුටින් පවසා ඇත්තේ, “නිසැකවම යුක්රේනය සමඟ එකඟතාවයකට පැමිණීමට සූදානම් සහ කැමැත්තෙන් සිටින” බවයි. නමුත් සම්මුතීන් ඇති කර ගත යුතු බව ජනාධිපති  පුටින් පවසා ඇතැයි Cyber World Press  විශේෂ නියෝජිත කියයි.තවදුරටත් පුටින් පවසා ඇත්තේ,ට්‍රම්ප් ඉරානය සමඟ කාර්යබහුල  වී ඇති බැවින්, යුරෝපා සංගමය සමඟ සෙලෙන්ස්කි ට කතා කළ හැකි බවයි.

පුටින්ගේ දිගුකාලීන ස්ථාවරය වී ඇත්තේ, රුසියාව දැනට  පාලනය කරන කලාප හතර වන  ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කෙර්සන් සහ සැපෝරිෂියා , ඉවත් කර නේටෝවට සම්බන්ධ වීමට දරන උත්සාහයන් අත්හැරිය යුතු බවයි.

වචන 1,800 කට වඩා දිගු ලිපියේ සෙලෙන්ස්කි  පුටින් ජනාධිපතිවරයා වෙත ලියා ඇති අතර  තවදුරටත් එහි  මෙසේ  පවසා ඇත. “ඔබේ යුද්ධය අපේ රටට ගෙන ආ සෑම දෙයකින්ම රුසියානු සොල්දාදුවන්ගේ ඉරණම ගැන යුක්රේනයේ සිටින අපි කනස්සල්ලට පත්ව සිටිනවා  පමණ නොව,  අපිට අපේ මිනිස්සු අහිමි වෙනවා, ඒ වගේම හැම පාඩුවක්ම අපිට වේදනාකාරීයි” යනු වෙන් පවසි ඇත.

“අප අතර සෘජු මැදිහත්වීමක් හරහා” යුද්ධය අවසන් කිරීමට යෝජනා කරන අතර, ස්විට්සර්ලන්තය හෝ තුර්කිය වැනි රටක මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්විය හැකි බව සෙලෙන්ස්කි බැගාපත්ව පවසා  ඇතැයි Cyber World Press  විශේෂ නියෝජිත සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp