Impartial news reporting for a stronger democratic society
ෂී , ට්‍රම්ප් සහ පුටින් මිනිත්තු 90කින් සාකච්ඡාව අවසන් කරයි
  • න්‍යෂ්ටික යුද්ධයකින් කිසිවකුට ජයගත නොහැකි
  • ගෝලීය හා කලාපීය ගැටලු මෙන්ම බලශක්ති සුරක්ෂිතතාව වැදගත්
  • ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩා සතුව ඇත්තේ අමෙරිකාවට, රුසියාවට සහ චීනයට

ෂි  ජින්පින්, ව්ලැදිමිර් පුටින්, ඩොනල්ඩ් ට්‍රම්ප්  ජනාධිපතිවරුන් චීනයේ ෂෙන්චෙන් නුවර සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක  පසුගිය දා ඓතිහාසික සාකච්ඡාව මිනිත්තු 90කින් අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 සාකච්ඡාවෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් පිටත්ව ගොස් ඇති අතර, ඊට පෙර තිදෙනා එක්ව ගෝලීය සාමය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කැර  ඇති බව Cyber World Press වාර්තාකරු  සඳහාන් කරයි.

න්‍යෂ්ටික යුද්ධයකින් කිසිවකුට ජයගත නොහැකි බවත්, එවැනි න්‍යෂ්ටික යුද්ධයක් කිසිදිනෙක සිදු නොවිය යුතු බවත් එහි සඳහන් කැර ඇතැයි Cyber World Press වාර්තාකරු  වැඩිදුරටත් වාර්තා කරයි.

මේ හමුවෙන් පසු රාජ්‍ය නායකයන්ගෙන් ක්ෂණික අදහස් දැක්වීමක් සිදුවී නැති අතර, සාකච්ඡාවට ලක්වූ කරුණු සම්බන්ධව ඉදිරියේදී රාජ්‍ය නායකයන් තිදෙනා වෙන් වෙන් වශයෙන් නිවේදන නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවේ ආරම්භක දේශනයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කැර ඇත්තේ රුසියාව,  අමෙරිකාව සහ චීනය එක්ව ගෝලීය ස්ථාවරත්වය ශක්තිමත් කළ හැකි බවයි.ගෝලීය හා කලාපීය ගැටලු මෙන්ම බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෂී ජින්පින් සමඟ සාකච්ඡා කළ බව ද පුටින් ප්‍රකාශ කැර තිබේ. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර ඇත්තේ රාජ්‍ය නායකයන් තිදෙනා එක්ව ඉතිහාසය යළි නිර්මාණය කරමින් සිටින බවයි. ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩා සතුව ඇත්තේ අමෙරිකාව, රුසියාව සහ චීනයට බව ද ඔහු සඳහන් කැර ඇත.

ත්‍රෛපාර්ශ්වික සමුළුවේ සිය දේශනය සිදු කරමින් චීන ජනාධීපති ෂී ජින්පින් ප්‍රකාශ කැර ඇත්තේ මහ බලවතුන් සමඟියෙන් ජීවත් වන විට ලෝකය සාමකාමී වන බවයි. දුෂ්කර අවස්ථාවන්හීදී සැබෑ වගකීම් හෙළිදරවු වන බවත්, ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා අමෙරිකාව, රුසියාව සහ චීනය එක්ව කටයුතු කළ යුතු බවත් චීන ජනාධීපතිවරයා වැඩිදුරටත් සඳහන් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp