Impartial news reporting for a stronger democratic society
වත්මන්  ආණ්ඩුව බලයට එමෙන් පසු අමෙරිකානු ඩොලර් බිලියන 1.85 ක් විදේශ ණය ලබාගෙන – මුදල්, සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය කියයි

වත්මන් ආණ්ඩුව  බලයට පත් වීමෙන් පසු  අමෙරිකානු ඩොලර් බිලියන 1.85 කට වඩා විදේශ ණය ලබාගෙන ඇති බව  මේ වන විට අනවරණය වී තිබේ.

විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද විස්තරවලින් මේ බව  අනවරණය වී ඇති බව සඳහාන්ය.

මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමඟ මෙම හෙළිදරව්ව සිදු විය. ශ්‍රී ලංකාවේ මුළු හිඟ ණය ප්‍රමාණය දැනට අමෙරිකානු ඩොලර් බිලියන 102.02 ක් පමණ වන බව ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ් අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබුණු මූල්‍ය ආධාර හැර, 2024 ජනාධිපතිවරණයේ සිට 2026 මැයි 5 වැනි දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ආණ්ඩුව   අමෙරිකානු ඩොලර් මිලියන 1,854.77 ක විදේශ ණය ලබාගෙන ඇති බව මුදල්, සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය අනාවරණය කැර තිබේ.

ජපානය, දකුණු කොරියාව, සෞදි අරාබිය, නෙදර්ලන්තය සහ ඉන්දියාවෙන් ලැබුණු මූල්‍යකරණයන් සමඟ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මූලාශ්‍රවල එකතුවකින් මෙම අරමුදල් ලබාගෙන ඇති අතර, ජනාධිපතිවරණයට පෙර එකඟ වූ සංවර්ධන ව්‍යාපෘති 18 ක් සඳහා යොමු කැර ඇති බව වාර්තා වෙයි..

Follow by Email
LinkedIn
Share
WhatsApp