
අමෙරිකාව සහ වියට්නාමය වසර 30කට වැඩි කාලයක් යුද්ධ කළ නමුත්, වියටිනාමය පරාජය කිරීමට අමෙරිකාවට කිසිම හැකියාවක් ලැබුණේ නැහැ.
ඒ් අන්කිසිවක් නිසා නොව වියටිනාම් හමුදාවේ යුධ උපායන් නිසායි.
යුධ සමයේ ඇති වු සත්‍ය සිදු වීමක් පදනම් කැර ගෙන ලියවුණ සටහනක් Facebook හි ඉංග්‍රිරිසි බසින් පළ වී තිබුණා. මේ සටහන ගැන අවධානය යොමු කළ Cyber World Press කර්තෘ මණ්ඩලය, එම සටහන සිංහල බසට පරිවර්තනය කැර පොදු පාඨකයාගේ දැන ගැනීම සඳහා මෙසේ ප්‍රචාරය කරන්නෙමු.
1965 සැප්තැම්බර් මාසයේදී උතුරු වියට්නාමයේ ප්‍රදේශයකදී, අමෙරිකානු ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන සිටින ඡායාරූපක් ජාත්‍යන්තරව ප්‍රසිද්ධිට පත් වී තිබිණි. එම ජායාරුපයේ තිබූ අසාමාන්‍ය වෙනස හේතුවෙන් එය ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. එහි එක් පසෙක සිටියේ ‘න්ගු‘ (Ngu) ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසු වූ , අඩි 4යි අඟල් 11ක් උසැති කිලෝග්‍රෑම් 37ක් පමණ බරැති ති කිම් ලායි (Thi Kim Lai) නම් තරුණියයි. වාර්තාවලට අනුව, අනෙක් පස සිටියේ ඇය මෙන් දෙගුණයකටත් වඩා විශාල, අඩි 7යි අඟල් 3ක් උසැති අමෙරිකානු ගුවන් හමුදා සෙබළෙකු වන විලියම් රොබින්සන් (William Robinson) ය.
ඔහු අමෙරිකානු හෙලිකොප්ටරයක ගුවන් නියමුවකු වු අතර, වියට්නාම් හමුදා ප්‍රහාරයකින් අනතුරට ලක්වූ තවත් අමෙරිකානු ගුවන් නියමුවකු බේරා ගැනීමට සඳහා ‘න්ගු’ ප්‍රදේශයට පැමිණ ඇත. නමුත් ඔහු ගමන් කළ හෙලිකොප්ටරය ද ‘හා තින්’ (Ha Tinh) පළාතේදී කඩා වැටීමෙන් පසු රොබින්සන් වියට්නාම් හමුදාවේ ගරිල්ලා භටයන් අතට පත් විය.
එහිදී, වියට්නාම් මහජන මිලීෂියාවේ සාමාජිකාවක වූ කිම් ලායි රොබින්සන්ගේ පිටුපසට සිය රයිෆලය තබා කැලෑවෙන් පිටතට රැගෙන එන අයුරු ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවට හසු විය. එකම ඡායාරූපයක සිටින පුද්ගලයන් දෙදෙනකුගේ ශාරීරික ප්රමාණයන්හි මෙතරම් විශාල වෙනසක් තිබීම ලොව පුරා දැඩි අවධානයට ලක් විය.
නමුත්, මෙම කතාව එතැනින් අවසන් වූයේ නැත. රොබින්සන්ට යුද සිරකරුවකු ලෙස වියට්නාමයේ දින 2,703ක් ගත කිරීමට සිදු විය. අවසානයේ ඔහු 1973 පෙබරවාරි මාසයේදී නිදහස ලබා අමෙරිකාවට ආපසු පැමිණියේය. වාර්තාවලට අනුව, අමෙරිකානු හමුදාවේ සාමාන්‍ය ගුවන් සෙබළෙකු ලෙස සේවය කළ අයෙකු මෙතරම් දිගු කාලයක් සිරකරුවකු ලෙස සිටි අවස්ථාවක් වාර්තා වී නොමැත.
වියට්නාම් – අමෙරිකා යුද්ධයෙන් පසු, මොවුන් දෙදෙනාගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් මාවත්වල ගමන් කෙළේය. කිම් ලායි හෙදියක් ලෙස පුහුණුව ලබා පවුල් ජීවිතයක් ආරම්භ කළ අතර, ඇයට දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටිති. රොබින්සන් අමෙරිකාවට පැමිණීමෙන් පසු කාර්මික ශිල්පියකු ලෙස සේවය කළ අතර, ඔහු දෙවරක් විවාහ ජීවිතයට එළැඹියේය.
කෙසේ වෙතත්, මෙම කතාවේ වඩාත්ම විශේෂ සිදුවීම වාර්තා වූයේ 1995 වසරේදීය. ජපානයේ රාජ්‍ය රූපවාහිනී ආයතනයක් වන NHK, වාර්තා වැඩසටහනක් (documentary) නිර්මාණය කිරීම සඳහා රොබින්සන්ව නැවත වියට්නාමයේ ‘හා තින්’ ප්‍රදේශයට රැගෙන ගියේය. ඒ, මීට වසර 30කට පෙර ඔහුව අත්අඩංගුවට ගත් තරුණියව නැවත සොයා ගැනීමේ අරමුණෙනි.
අවසානයේ ඔවුන් දෙදෙනා නැවත හමුවිය. වසර 30කට පෙර ලොව පුරා ප්‍රසිද්ධ වූ එම ඡායාරූපයට අමතරව, එදින ඔවුන් දෙදෙනා එකට සිටින නව ඡායාරූපයක් ද ලබා ගැනීමට හැකි විය. රොබින්සන් පසුව ප්‍රකාශ කෙළේ, එදා මා අත්අඩංගුවට ගත් ගරිල්ලා භටයන් වෙඩි තැබුවේ නම්, අද මෙලෙස නැවත ඔබ හමුවීමට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊට පිළිතුරු දෙමින් කිම් ලායි නම් ගරිල්ලා සෙබළිය පවසා ඇත්තේ, නිරායුධ අමෙරිකානුවන් මරා දැමීම අපේ අරමුණ නොව් බවයි.
යුද්ධයකදී එකිනෙකාට සතුරන් වූ දෙදෙනෙක්, වසර 30කට පසු එකම ඡායාරූපයක නැවතත් එකට සිටිති. යුද්ධයක එක් මොහොතක් මිනිසුන්ගේ ජීවිතවලට කොතරම් දීර්ඝ කාලීන බලපෑමක් ඇති කළ හැකිද යන්න මෙම කතාවෙන් පෙන්නුම් කරන බව පෙන්වා දීම වැදගත්ය.
මම @TAG කෙනෙක්මි.
