
හිටපු ජනාධිප අත්අඩංගුවට ගත් ති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ ව නීති විරෝධී ලෙස නාවික හමුදා සේවයට බඳවාගෙන, බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව සඳහා රජයේ මුදල් අවභාවිත කරමින් යැවීමේ දූෂණ චෝදනාවකට අදාළව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තිකාර කරන්නාගොඩ ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම ඇප නියෝගය නිකුත් කරනු ලැබීය.
යෝෂිත සහ කරන්නාගොඩ බැඳුණු දූෂණ චෝදනාව
අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව, 2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස බැඳීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ ව නීති විරෝධී ලෙස සේවයට බඳවා ගැනීමට කටයුතු කර ඇත.
රජයේ මුදල් අවභාවිතය:
එතෙක් නාවික හමුදාවේ පැවති සම්ප්‍රදායික පටිපාටියට මුළුමනින්ම පරිබාහිරව, බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ විශේෂ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මහජන මුදල් වැය කරමින් යෝෂිත රාජපක්ෂව සහභාගි කරවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට කරන්නාගොඩ ට චෝදනා එල්ල වී තිබේ.
යෝෂිතගේ අත්අඩංගුවට පත්වීම:
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඉකුත් ජූනි මස 17 වන දින අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ ව ද අත්අඩංගුවට ගැණුනු අතර, පසුව අධිකරණය විසින් ඔහුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරීමට පියවර ගෙන තිබිණි.
වසන්ත කරන්නාගොඩගේ පසුබිම සහ අධිකරණ ඉතිහාසය
1971 වසරේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට බැඳී, 2005 වසරේදී නාවික හමුදාපති ධූරයට පත් වූ වසන්ත කරන්නාගොඩ ,එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ නිලධාරියෙකි. 2019 වසරේදී ඔහුව කැබිනට් අමාත්‍ය ධූරයකට සමාන ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ ගෞරව නාමයට ඔසවා තැබූ අතර, 2021 වසරේදී වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.
තරුණයන් 11 දෙනාගේ නඩුව:
කොළඹ ප්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ මහා පරිමාණ නඩුවේ 14 වැනි විත්තිකරු ලෙස කරන්නාගොඩ නම් කර තිබූ නමුත්, 2021 අගෝස්තු 4 වන දා නීතිපතිවරයා විසින් ඔහුට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන නොයන බවට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දී ඔහුව නිදහස් කරගනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අලුත් තීන්දුව:
නීතිපතිවරයා ගෙන තිබූ එම තීරණයේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ඊට අදාළ විශේෂ අභියාචනා විභාගය පැවැත්වීමට මේ වසරේ ජනවාරි මාසයේදී දින නියම කර තිබේ.
