
බලුකිස්තාන සහ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තවල ආරක්ෂාව අතිශය බරපතළ ලෙස පිරීහීම සම්බන්ධව පකිස්ථානයේ මානව හිමිකම් කොමිසම කනස්සල්ලට පත්වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කැර තිබු Cyber World press විශේෂ නියෝජිත ප්‍රකාශ කරයි.
එම ප්‍රාන්තවල පුරවැසියන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, ඉලක්ක කරගත් ඝාතන සහ සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාර මෑත කාලයේ ශීඝ්‍ර ලෙස ඉහළ යෑමෙන් අනාරක්ෂිත තත්ත්වයක් උදා වී ඇතැයි පකිස්ථාන මානව හිමිකම් කොමිසම නිවේදනය කැර තිබේ.
පසුගියදා බලුකිස්තානයේ ග්වාඩර් විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ කාර්ය මණ්ඩලයේ තවත් දෙදෙනකු ක්වේටා නුවර දක්වා ගමන් කරමින් සිටියදී පැහැරගෙන යෑමත් සමඟ මහාමාර්ගයේ සුරක්ෂිතතාව සහ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයට ඇති හැකියාව බරපතළ ගැටලුවක් බවට පත්වී ඇතැයි පාකිස්තාන මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කැර ඇති බව Cyber World press විශේෂ නියෝජිත ප්‍රකාශ කරයි.
පසුගිය සති අන්තයේදී බලුකිස්තාන ප්‍රාන්තයේ ප්‍රකට සාහිත්‍යධරයකු වන මහාචාර්ය ගම්ක්වාර් හයාත් වෙඩි තබා ඝාතනය කිරීම ද පාකිස්ථාන මානව හිමිකම් කොමිසමේ දැඩි අවධානයට ලක්වී ඇති අතර, එම ප්‍රාන්තවල ව්‍යාප්ත වී ඇති ප්රචණ්ඩත්වය මැඬ පැවැත්විමට රජය කඩිනම් පියවර ගත යුතු බවට අවධාරණය කළ බව ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කරයි.( දිනමිණ ඇසුරෙන්)
