Impartial news reporting for a stronger democratic society
බලු­කි­ස්තාන ප්‍රාන්තයේ 453ක් මේ වසරේ ඝාතනය වෙලා: 234ක් මසක් ඇතුළත අතුරුදන් ! මානවහිමිකම් කවු­න්සි­ලය මැසිවිලි නඟයි

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ සන්නද්ධ කණ්ඩායම් සහ රජයේ හමුදාව අතර සිදුවන ගැටුම් හේතුවෙන් මේ වසරේදී පුද්ගලයන් 453 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලුකිස්තාන ටයිම්ස් පුවත් සේවය සඳහාන් කළ බව  එහි සිටින  Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.

 පාකිස්තාන ආරක්ෂක අංශ නිකුත් කැර ඇති දත්තවලට අනුව මියගිය අය අතර, සිවිල් වැසියන් 248 දෙනකු සහ ආරක්ෂක නිලධාරීන් 205  දෙනකු  සිටින බව  සඳහාන්ය.

 බලුකිස්ථාන ප්‍රාන්තයේ මානව හිමි­කම් කවු­න්සි­ලය ප්‍රකාශ කැර ඇති අන්දමට පසුගිය මසය ඇතුළත බල­හ­ත්කා­ර­යෙන් අතු­රු­දන් කිරීම් 234ක් සිදුවී ඇති බව නිවේදනය කැර ඇත. මෙම මාසය ඇතුළත ප්‍රචණ්ඩ ක්‍රියා නිසා 87ක් ඝාතනය වී ඇති බව ප්‍රාන්තයේ මානව හිමි­කම් කවු­න්සි­ලය තව දුරටත් පෙන්වා දෙයි.

අතු­රු­ද­න්වූ­වන් අතර කාන්තා­වක් සහ යොවුන් තරු­ණ­යන් 9 දෙනකු සිටින බව ද  අනාවරණය වෙයි. අතු­රු­ද­න්වූ­ව­න්ගෙන් 37 දෙනකු පසුව නිද­හස ලබා පැමිණ ඇති බවත්, සෙසු පිරිස පිළි­බඳ මෙතෙක් කිසිදු හෝඩු­වා­වක් නැති බවත් බලු­කි­ස්තාන මානව හිමි­කම් කවු­න්සිලය වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.

 බලුකිස්තාන ප්‍රාන්තයේදී රජයේ හමුදාවට ප්‍රහාර එල්ල කිරීම සහ බෝම්බ පිපිරීම් ඇතුළු සිදුවීම් ඉහළ ගොස් ඇති අතර, එවැනි ගැටුම්කාරි සිදුවීම් 432ක් ද මේ වසරේදී වාර්තා වී තිබේ.

බලුකිස්තානයේ විමුක්ති හමුදාව සහ රජයේ හමුදාව අතර වසර ගණනාවක් පුරා පවතින යුදමය තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දැඩි අවධානය යොමු  කැර  ඇත.

මේ වසරේ ජන­වාරි 31 වැනිදා බලු­කි­ස්තාන විමුක්ති හමු­දාව නගර රැසක ප්‍රහාර ගණ­නා­වක් එල්ල කිරී­මෙන් පසු පාකි­ස්තාන රජයේ හමු­දාව ඇඳිරි නීතිය පනවා අන්ත­ර්ජා­ලය ද අත්හි­ටු­ව­මින් සෝදිසි මෙහෙ­යුම් සිදු කැර ඇතැයි බලු­කි­ස්තාන පෝස්ට් පුවත් සේවය සඳ­හන්  කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp