Impartial news reporting for a stronger democratic society
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය: පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් වගකීම් පැහැර හැරිය හේමසිරි ට — පූජිත් ට මරණ දඬුවම ! ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්!

2019 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අද (01) මරණ දඬුවම  නියම කෙළේය.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුව විභාග කෙරුණි.
 රාජකාරී වගකීම පැහැර හැරීම  සහ  මරණ සිදුවීමට ආධාර අනුබල දීමේ චෝදනාවට  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වරදකරු වු අතර,  බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනාවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර  වැරදකරු වීම නිසා  මරණ දඬුවම  නියම කෙරෙණි.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණීය දණ්ඩන තීන්දුව ප්‍රකාශයට පත් කැර සුළු වේලාවකින් පසු   හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ද මරණීය දණ්ඩන තීන්දුව ප්‍රකාශයට පත්  කිරීම විශේෂත්වයකි.

බහුතර විනිසුරු නිගමන සහ චෝදනා තහවුරු වීම


රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු අංශ මඟින් කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කැර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට පූර්ව බුද්ධි තොරතුරු ලබා දී තිබියදීත්, ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට බැඳී සිටි ඉහළම සිවිල් සහ පොලිස් ප්‍රධානීන් ලෙස මොවුන් දෙදෙනා ක්‍රියාමාර්ග නොගැනීම අධිකරණය හමුවේ තහවුරු විය.
එම අතපසුවීම සහ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් අහිංසක පුරවැසියන් 268 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 586 දෙනෙකු තුවාල ලැබීමට ඉඩ සැලසුණු බවත්, රාජ්‍යය විසින් පත්කළ නිලධාරීන් ලෙස සිය මුඛ්‍ය වගකීම් අතහැරීම මනුෂ්‍ය ඝාතනයන්ට අනුබල දීමක් බවත් බහුතර තීන්දුවේ සඳහන් කෙරිණි.
දීර්ඝ නීතිමය ක්‍රියාවලිය
අදාළ සිදුවීමට සම්බන්ධයෙන් නීතිපතිවරයා මොවුන් දෙදෙනාට එරෙහිව වෙන් වෙන් වශයෙන් අධිචෝදනා ගොනු කැර තිබූ අතර, 2022 වසරේදී විත්ති වාචික කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට එදිනෙදා පැවැති මහාධිකරණය තීන්දු කෙළේය.
කෙසේ වෙතත්, ඊට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළ අතර, විත්ති වාචකය කැඳවමින් නඩුව නැවත විභාග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ අනුව නැවත පැවැති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව ඉදිරිපත් වූ සාක්ෂි මනා ලෙස සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබීය. 

Follow by Email
LinkedIn
Share
WhatsApp