
බංග්ලාදේශයේ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ ඔක්තෝබර් මාසයේදී සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයන් 7,439 දෙනකු අත්අඩංගුවට පත්වී ඇති අතර, ඉන් 2,563 දෙනකු පාතාල කල්ලි සාමාජිකයන් බවට හඳුනාගෙන ඇතැයි එරට ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කැර තිබු බව Cyber World Press සඳහාන් කෙළේය.
එම මාසයේදී බංග්ලාදේශයේ මැර ප්‍රහාර හේතුවෙන් සිදු වූ ඝාතන සහ සමූහ දූෂණ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.
එරට ස්වේච්ඡා මානව හිමිකම් සංවිධාන වාර්තාවකට අනුව සැප්තැම්බර් මාසයේදී පමණක් පොලීසිය ඝාතන 23ක් සිදු කැර ඇති අතර, ඔක්තෝබරය වන විට එම සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා . තවත් පුද්ගලයන් 16 දෙනකු බන්ධනාගාරගත වී සිටියදී ඝාතනයට ලක්වී ඇතැයි ද වාර්තා වෙයි. කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය පිළිබඳ එම සංවිධානය නිකුත් කැර ඇති තවත් වාර්තාවකට අනුව ඔක්තෝබර් මාසයේදී එරට විවිධ පළාත්වල සමූහ දූෂණ සිදුවීම් 21ක් වාර්තා වී ඇත. ලිංගික අපයෝජන සිදුවීම් 25 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කැර ඇති බව Cyber World Press සඳහාන් කරයි.
