
නිශ්චිතව දක්වනු ලබන කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ලබන වසරේ (2027) අප්‍රේල් 1 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කැර ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පවසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2026/11/05 දින නිකුත් කරන ලද SEC/PN/IT/2026/06 දරන නිවේදනය මඟින් මෙම තීරණය දැනුම් දී ඇතැයි ඇය සඳහන් කළාය.
ඊට පෙර 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනතේ සහ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 103 වගන්තියේ (6) වැනි උපවගන්තිය ප්‍රකාරව, 2026 සැප්තැම්බර් 22 දිනැති SEC/PN/IT/2026/05 දරන චක්‍රලේඛය මඟින්, 2026 නොවැම්බර් 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි, නිශ්චිතව සඳහන් කර ඇති ගනුදෙනු වර්ග අටක් සඳහා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ සහතිකයක් (TIN Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් නිලධාරීන් වෙත දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත්, ඉහත සඳහන් ගනුදෙනු කරන පුද්ගලයන්ගෙන් බොහෝ දෙනකු තවමත් TIN සහතික සඳහා ඉල්ලුම් පත්‍රයක්වත් යොමුකර නොමැති බව නිරීක්ෂණය වී ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ද ඇතිව, ඉහත සඳහන් අනිවාර්ය අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 1 වැනිදා දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව කොමසාරිස් ජනරාල්වරිය කීවාය.
මෙම දීර්ඝ කරන ලද කාලසීමාව තුළ, දැනටමත් TIN අංකයක් සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ට තම TIN සහතිකය වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකි වන පරිදි විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.
ඒ අනුව, TIN අංකය සඳහා ලියාපදිංචි වී ඇති අයට දෙපාර්තමේන්තුවේ මාර්ගගත ඊ-සේවාව (e-Services) ඔස්සේ තම TIN ලියාපදිංචිය ලබාගත හැකි බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.( දිනමිණ ඇසුරෙන්)
