
අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුරස්ථී ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා තත්ත්වය උග්‍ර අතට හැරි ඇතැයි ඔහුගේ පුත් හන්ටර් බයිඩ්න් ප්‍රකාශ කර තිබේ.
බීබීසී නාළිකාව ඔස්සේ සාකච්ඡාවකට එක්වූ හන්ටර් බයිඩ්න් සඳහන් කැර ඇත්තේ සිය පියාගේ පිළිකා රෝගය සිරුරේ සෙසු කොටස්වලට ද පැතිරී ඇති බවය.
පිළිකාව ඔහුගේ ඇටමිදුළු සහ තවත් ස්ථාන වෙත පැතිරී ගොස් තිබෙන බවත්, එය ඉතා වේදනාකාරී මෙන්ම ඔහු අතිශයින්ම දුර්වල තත්ත්වයකට පත් කළ සිදුවීමක් බවත් ඔහු සඳහන් කැර තිබේ. 83 හැවිරිදි වියෙහි පසුවන බයිඩ්න් අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා වන අතර, ඔහුගේ ධුර කාලයෙන් වැඩි කාලසීමාවක් ශාරිරිකව දුර්වලවී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය දෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ තරග වැදීමට සූදානම් වූ බයිඩ්න් ඔහු සමඟ පැවති අසාර්ථක විවාදයකින් පසු ජනාධිපතිවරණයෙන් ඉවත්වූ අතර, ඔහු වෙනුවට කමලා හැරිස් ජනාධිපතිවරණයට තරග කර ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වූවාය. ධවල මන්දිරයෙන් ඉවත් වී මාස 4ක් ගතවීමටත් පෙර ඔහු සිය පිළිකා රෝගී තත්ත්වය ප්‍රසිද්ධියට පත් කළ බව ද වාර්තා වේ.( දිනමිණ ඇසුරෙන්)
