Impartial news reporting for a stronger democratic society
චෙම්මනි සමූහ මිනීවළේ කැණීම්වලින් පුද්ගලයන් 501කගේ ඇටසැකිලි කොටස් සොයාගෙන

යාපනයේ චෙම්මනි හි සිත්තුපත්ති සුසාන භූමිය අසල සමූහ මිනීවළේ කැණීම්වලින් මේ වන විට පුද්ගලයන් 501 දෙනෙකුට අයත් මිනිස් ඇටසැකිලි කොටස් සොයාගෙන තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් පැවසුවේ ශ්‍රී ලංකාවේ එකම ස්ථානයකින් පුද්ගලයින් 500 කට වැඩි පිරිසකගේ ඇටසැකිලි කොටස් සොයා ගත් පළමු අවස්ථාව මෙය බවයි.

එක් සමූහ මිනීවළකින් මෙතරම් විශාල මළ සිරුරු ප්‍රමාණයක් ගොඩගෙන ඇති බව ඔහු සඳහන් කෙළේය.

යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලද කැණීම්  පෙරේදා (07) 6 වැනි අදියරේ 46 වැනි දිනට ළඟා විය.

Follow by Email
LinkedIn
Share
WhatsApp