Impartial news reporting for a stronger democratic society
ජීවත් වීමට අවම සුදුසුකම් ඇති නගර ලැයිස්තුවට කරච්චි නගරයත් ඇතුළත් වෙයි

ජාත්‍යන්තර ආර්ථික බුද්ධි තොරතුරු ඒජන්සිය  නිකුත්  කළ  දත්තවලට අනුව ජිවත්වීමට අවම සුදුසුකම් ඇති ගෝලීය නගර ලැයිස්තුවට පාකිස්ථානයේ කරච්චි නුවර ඇතුළත් වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය  උපුටා දක්වමින් Cyber World Press වාර්තා කරයි.

එම ලැයිස්තුවට ඇතුළත් නගර 173ක් අතරින් කරච්චි නගරය 170 වැනි ස්ථානයට පත්වී ඇති අතර, කරච්චි නගරයට වඩා පහළින් පසුවන්නේ බංග්ලාදේශයේ ඩකා අගනුවර, සිරියාවේ ට්‍රිපොලි සහ ඩමස්කස් නගර පමණක් බව ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා  කැර තිබේ.

යුද ගැටුම්වලට මැදිවූ යුක්රේනයේ කීව් අගනුවර සහ ඉරානයේ ටෙහෙරාන් අගනුවර කරච්චියට වඩා ඉහළින් පසුවන බව ද වාර්තා වේ. එම වාර්තාවට අනුව අධික වාහන තදබදය සහිත මාර්ග සහ අපරාධ වැනි සමාජයීය ගැටලු කරච්චි වැනි නගරවලට ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටීමට හේතුවී තිබේ. ජීවන රටාවකට සුදුසු නාගරික පරිසරය, ඉහළ සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ පරිසරය, අධ්‍යාපනය මෙන්ම යටිතල පහසුකම් ද ශ්‍රේණිගත කිරීම්වලදී සැලකිල්ලට යොමුවී ඇතැයි ඩෝන් පුවත් සේවය සඳහන් කැර ඇත.

ඩෝන් පුවත් සේවය මේ බව වාර්තා කැර ඇත්තේ ජාත්‍යන්තර ආර්ථික බුද්ධි තොරතුරු ඒජන්සිය මේ වසරේ  නිකුත් කළ දත්තයන්ට අනුවය.

Follow by Email
LinkedIn
Share
WhatsApp