
චීනය සිය ප්‍රථමවරට නැවත භාවිත කළ හැකි රොකට්ටුව සාර්ථකව ගොඩබැස්වීමට සමත් වූ බව China National Space Administration නිවේදනය කැර තිබේ.
මෙම සාර්ථකත්වය අභ්‍යවකාශ තාක්ෂණයේ සහ රොකට් දියත් කිරීමේ පිරිවැය අඩු කිරීමේ චීනයේ උත්සාහයට වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
Long March-10B රොකට්ටුව ජූලි 10 වැනිදා දහවල් දකුණු චීනයේ Hainan සිට සාර්ථකව දියත් කැර චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමෙන් අනතුරුව, එහි පළමු අදියර මුහුදේ ස්ථාපිත කළ විශේෂ දැල්-ග්‍රහණ (Net Capture) පද්ධතියක් භාවිතයෙන් ආරක්ෂිතව ගොඩබස්වා ඇත.
මෙය රොකට්ටුවක පළමු අදියර පාලනය කැර නැවත ලබා ගැනීමේ චීනයේ පළමු සාර්ථක මෙහෙයුම මෙන්ම මුහුද මත දැල් පද්ධතියක් භාවිතයෙන් රොකට්ටුවක් ප්‍රතිසාධනය කළ ලොව පළමු අවස්ථාව බව CNSA සඳහන් කෙළේය.
මෙතෙක් නැවත භාවිත කළ හැකි රොකට් තාක්ෂණයේ ප්‍රමුඛත්වය හිමිව තිබුණේ SpaceX සමාගමේ Falcon 9 සහ Blue Origin වෙතය. මෙම නව සාර්ථකත්වයත් සමඟ එම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට අභියෝගයක් එල්ල කිරීමට චීනයට හැකිවනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
