
සාම ගිවිසුමකට එකඟ වන ලෙස ඉරානයට බල කරමින් අමෙරිකාව තම රට තුළට බෝම්බ දමන බවත් , තම ඉවසීමේ සීමාව පැන ඇති බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කැර ඇති බව විදේශ මාධ්‍ය උපුටා දක්වමින් Cyber World Press සඳහාන් කරයි.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ප්‍රකාශන සියට සියක් සත්‍ය නොවන බවත්,ඔහු දේශපාලන වෙළෙන්දෙක් බව අද මුළු ලෝකයම පිළිගන්නා බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කැර ඇති බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි. ඊශ්‍රායලයේ බලපෑම් හා කේළම්වලට ඉරානය බිය නොවන බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කැර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සියලු කතා සහ තීරණ සිය ‘ටෲත් සෝෂල්’ ගිණුට සීමා වී ඇති බවත්, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීම සිදු වන අවස්ථාවක මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ දේශපාලන වෙළෙන්දෙක් නිසා බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය උපුටා දක්වමින් විදේශ මාධ්‍ය සඳහාන් කරයි.
ඉරානය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ධවල මන්දිරයේදී සිය උපදේශකවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා සඳහන් කැර තිබේ.
