Impartial news reporting for a stronger democratic society
චෙම්මානි මළ සිරුරු සංඛ්‍යාව 539 දක්වා ඉහළට : හිසක් නැති මිනිස් ඇටසැකිලි දෙකක් මතුකර ගනී!

යාපනයේ චෙම්මනි සමූහ මිනී වළේ  සිදු කරන කැණීම්වලදී   හිසක් නොමැති මිනිස් ඇටසැකිලි දෙකක් මතුකර ගැනීමට  පසුගිය දා හැකි වු  බව වාර්තා වෙයි.

 පසුගිය අඟහරුවාදා වන විට හඳුනාගත් මුළු අස්ථි කොටස් සංඛ්‍යාව 539 දක්වා ඉහළ ගොස්  ඇති බවද සඳහාන්ය.

අලුතින් සොයාගත් අස්ථි කොටස් පහළොවක් අතර තිබී මෙම ඇටසැකිලි දෙක  සොයා ගෙන ඇත.

මහාචාර්ය රාජ් සෝමදේව සහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙල්ලයියා පිරවනන් ගොඩගැනීමේ කණ්ඩායම මෙහෙයවනු ලබන අතර, මෙහෙයුම ආරම්භ වූ දා සිට මේ වන විට නිශ්චිත අස්ථි කොටස් 524ක් සොයාගෙන ඇත.

මුලින් සිතියම් ගත කළ පරිමිතියෙන් ඔබ්බට ඇටසැකිලි දෙක සොයා ගැනීම, භූමදාන කලාපය මුලින් විශ්වාස කළ ප්‍රමාණයට වඩා පුළුල් ප්‍රදේශයක් පුරා විහිදී යා හැකි බවට කනස්සල්ල මතු කැර තිබේ.

අතුරුදහන් වූවන්ගේ පවුල් වෙනුවෙන් එම ස්ථානය නිරීක්ෂණය කරන නීතිඥ රනිතා ඥානරාජා පැවසුවේ පසුගිය  අඟහරුවාදා කැණීම් කටයුතුවලදී ළදරුවන් පස් දෙනෙකුගේ දේහයන් ද හඳුනාගෙන ඇති බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp