
ඉස්ලාමීය ජන සමාජය තුළ සහෝදරත්වය, එක්සත්භාවය හා ආධ්‍යාත්මිකත්වය තව තවත් ශක්තිමත් වේවා යන්න මාගේ අවංක අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය අලි කෙබ්රියායි සාදේහ් මහතා ප්‍රකාශ කරයි.
ඒ් මහතා මේ බව ප්‍රකාශ කෙළේ ඊද් අල් අධා හෙවත් හජ්ජි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් නිවේදනයක් නිකුත් කරමිනි.
තවදුරටත් එම නිවේදනයේ මෙසේ සඳහාන් වේ.
ඊද් අල් අධා උත්සවය යනු අවංක භක්තියේ උතුම් ප්රකාශනයක් මෙන්ම දේව කැමැත්තට පූර්ණයෙන්ම යටත් වීමේ ගැඹුරු සංකේතයකි. එය විශ්වාසයේ ආත්මය පාරිශුද්ධත්වය හා අවංකභාවය තුළින් යළිත් තමන්ව සොයා ගන්නා පූජනීය අවස්ථාවක් වෙනවා. මනුෂ්‍යයා තම ආත්මය ඉක්මවා සර්ව බලධාරී දෙවියන්ට සමීප වීමට උත්සාහ කරන ආධ්‍යාත්මික මංසලක් ද වෙනවා.
මෙම ශ්‍රේෂ්ඨ ඊද් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සියලු ගෞරවනීය හා භක්තිමත් මුස්ලිම් ජනතාව වෙත ඉරාන ඉස්ලාමීය ජනරජයේ සහ පෞද්ගලිකව මාගේ හෘදයාංගම සුබ පැතුම් හා ශුභාශිංසන පිරි නැමීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔබ සැමගේ යාච්ඤා හා ආගමික වන්දනා දෙවියන් වහන්සේ විසින් පිළිගෙන, ඔහුගේ අසීමිත ආශිර්වාදය, කරුණාව හා සාමය සියලු මුස්ලිම් ජනතාව වෙත උදා වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
මෙම පූජනීය අවස්ථාවේ ඉස්ලාමීය ජන සමාජය තුළ සහෝදරත්වය, එක්සත්භාවය හා ආධ්‍යාත්මිකත්වය තව තවත් ශක්තිමත් වේවායි මාගේ අවංක අපේක්ෂාවයි.මෙම භක්තියේ හා දෙවියන්ට සේවය කිරීමේ මාර්ගයේදී, සර්වබලධාරී දෙවියන් වහන්සේ ගේ කරුණාව හා දයාව අප සැමට නිරන්තරයෙන් මඟ පෙන්වා ආශිර්වාද කරනු ලැබේවායි ප්‍රර්ථනා කරනවා. !
