Impartial news reporting for a stronger democratic society
ලෝක සාමය වෙනුවෙන් චීනය පෙරමුණු ගනි! විශේෂ දූත පිරිසක් මැදපෙරදිගට සහ අප්‍රිකාවට

ලෝක සාමය සඳහා කොන්දේසි විරහිතව මැදිහත් වීමට චීනය මේ වන විට ඉදිරිපත් වී  තිබේ.

මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපයේ පවතින නොසන්සුන්තාව අවම කිරීම, සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සහ කලාපීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම උදෙසා වැඩි කාර්යභාරයක් සිදු කිරීම වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික සංචාර කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට චීන රජය පියවර ගෙන ඇති බව Cyber World Press වාර්තා කරයි.

චීනයේ  විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මාඕ නින්ග් ප්‍රකාශ කැර ඇත්තේ චීනයේ මැදපෙරදිග විශේෂ නියෝජිත ෂායි ජුන් මේ මස මුල් භාගයේ සහ මැද භාගයේදී ඉරානය, ඕමානය සහ සවුදි අරාබිය යනාදී රටවල සංචාරය කිරීමට නියමිත බවයි. එමෙන්ම චීනයේ අප්‍රිකානු විශේෂ නියෝජිත ලියූ ෂියැංෆා ද මේ මස මුල් භාගයේ සිට මැද භාගය දක්වා කාලය තුළ ඉතියෝපියාව, ජිබූටි සහ ඊජිප්තුවේ සංචාරය කරනු ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කැර ඇතැයි චීනයේ සීජීටීඑන් පුවත් සේවය වාර්තා කළ බව Cyber World Press සඳහාන් කරයි.  

මීට අමතරව නැඟෙනහිර අප්‍රිකාවේ පිහිටි අර්ධද්වීප කලාපය සඳහා චිනයේ විශේෂ නියෝජිත හූ චැංචුන් එරිට්‍රියාවේ සංචාරය කිරීමට නියමිත බව ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මාඕ නින්ග් ප්‍රකාශ කැර ඇති බවද වාර්තා වේ.

මැදපෙරදිග සහ නැඟෙනහිර අප්‍රිකානු කලාපය පුරා ගැටුම් දිගුකාලීනව පැවතීම සහ එහි අහිතකර බලපෑම් පිළිබඳ චීනය සිය දැඩි කනස්සල්ල පළ කැර ඇති අතර, සංවාද සහ සාකච්ඡා මාර්ගයෙන් මතභේද විසඳා ගනිමින් තිරසර සටන් විරාමයකට එළැඹෙන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp