
අමෙරිකානු ඉතිහාසයේ විශාලතම මහජන නැඟීටීම දැන් ආරම්භ වී ඇති බව නිව්යෝර්ක් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත අනාවරණය කරයි.
මිලියන 9 කට අධික ජනගහනයක් එක් වී සිටින මෙම විරෝධතා රැල්ල, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග පමණක් නොව, ඓතිහාසික රිපබ්ලිකන් නගර දක්වා විරෝධතා රැල්ල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
වොෂින්ටන් ඩී.සී., නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් වැනි ප්‍රධාන නගරවලට රොක් වන මිලියන සංඛ්‍යාත ජනතාවක් ඩොනල් ට්‍රම්ප්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි විරෝධය පළ කරමින් සිටිති.
දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉරානය සමඟ පවතින යුද වාතාවරණය සහ රට තුළ උත්සන්න වී ඇති ආර්ථික පීඩනය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවයි. ඇතැම් ප්‍රදේශවල ආරක්ෂක නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර බරපතළ ගැටුම් හටගෙන ඇති බව ද සඳහාන්ය.

නායකත්වයේ තීරණ විවේචනය කිරීමට එක්වන රිපබ්ලිකන් පක්ෂය තුළ පවා ගැටලු මතුව තිබේ. මේ නිසා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයට බලවත් අභියෝග දැන් එල්ල වී තිබේ. මේ තත්ත්වය නිසා අමෙරිකාවේ දේශපාලනයට තීරණාත්මක බලපෑමක් ඇති කැර තිබේ.

Cyber World Press- New York
