
ඕස්ට්‍රේලියාවේ පැවති New South Wales Regatta 2026 ඔරු පැදීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සොනාල් ට්‍රැන්චල් (Sonal Tranchell) රන් පදක්කම් දෙකක් දිනා ගෙන ඇත.
පසුගිය ජනවාරි මසයේ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නිව් සවුත් වේල්ස් නගරයේ Manning River ඔරු පැදීමේ සංගමයේ පැවති New South Wales Regatta 2026 තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ආසියානු ජාත්‍යන්තර පාසලේ (AIS) සොනාල් ට්‍රැන්චල් සිසුවා රන්පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වි ඇත. ඔහු පිරිමි විවෘත කේවල අංශයේ සහ විවෘත ද්විත්ව අංශයෙන් ප්‍රතම ස්ථානය දිනා ගැනීමට සමත් වි තිබේ. එම තරඟාවලිය තුළ මෙවැනි දක්ෂතාවක් දැක්වූ ළාබාලතම විදේශීය ක්‍රීඩකයා ලෙස සොනාල් ට්‍රැන්චල් වීම විශේෂත්වයකි. මේ වන විට ඔහු 14 හැවිරිදි පාසල් ක්‍රීඩකයෙකි.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගී වු අතර, මෙම තරගාවලියේ සියලු තරග කිලෝමීටර් 2KM තරග පැවැත්විණි.
මෙම දක්ෂතාවය සමගින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළ මාධ්‍ය නාලිකාවක් වන 7News රූපවාහිනී නාලිකාව සමඟ අදහස් දැක්වීමට අවස්ථාවක් හිමිවිය. ඔහුගේ ශ්‍රී ලංකාවේ පුහුණුකරු වශයෙන් සංජීව ගුරුගේ මහතා කටයුතු කරන අතර, විදේශීය පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ඕස්ට්‍රේලියානු ජාතික Howard Crocker මහතා විසිනි.
සටහන- සමීර මදුසංක හේවා ගමගේ
