
ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුවේ දෙවැනි අය වැය පිළිබද ජනාතාව සහ දේශපාලන පක්ෂ විවිධ අදහස් මේ වන විට ප්‍රකාශ කරමින් සිටි. බැලු බල්මට මෙම අය වැය ජනතාව ට ප්‍රිය උපදවන ලියවිල්ලක් වුවත්, මෙහි නොපෙනෙන පැත්ත ඉතා බියකරු යැයි කිවයුතුය. විශේෂයෙන් IMF කොන්දෙසි වලට හානියක් නොවන ලෙස, ජනාධිපතිවරයා මෙම අය වැය ඉදිරිපත් කෙළේ තම ආණ්ඩුවේ කීකරු භාවය පෙන්වමිනි. IMF යෝජනා කැර ඇති වක්‍ර සහ ඝෘජු බදුවලට කිසිදු හානියක් නොවන ලෙස ජනාධිපති අනුර කුමාර සිය ආණ්ඩුවේ අය වැය ඉදිරි පත් කළ බව දේශපාලනය දන්නා අය දනිති. මෙයින් පෙනී යන්නේ කුමක්ද?. ආණ්ඩුව අද IMF කොන්දේසි ඒ් ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම නොවේද?. ආණ්ඩුව මුල්‍යය ප්‍රතිසංස්කරණවලට මුවා වී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පාලනය කිරීමට පටන් ගෙන තිබීම පැහැදිලිව පෙනෙන්න තිබේ.මෙහි එක් පියවරක් වන්නේ කොළඹ වරාය නගරය දෙසට ඇදී එන ආයෝජකයන්ට කිසිදු බදු සහනයක් නොදීමට අවශ්‍ය කරන නීති සම්පාදනය කිරීමට පියවර ගෙන තිබීමයි. ඒ අනුව වරාය නගරයට එක් නීතියක්ද ,රටට තවත් නීතියක් ද ක්‍රියාත්මක නොකළ යුතු බව IMF නියෝජිතයන් පසුගිය දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඝෘජු දන්වා තිබේ. මේ අදහසට කිසිදු විරෝධයක් නොදැක් වු ශ්‍රී ලංකා ආණ්ඩුව, වරාය නගරය වෙත පැම්ණෙමින් සිටි කුඩා , මධ්‍යම සහ මහා පරිමාන ආයෝජකයන්ට විශාල ලෙස බදු ගසමින්, IMF මුල්‍යය ප්‍රතිසංස්කරණයන්ට අනුකුලව ආයෝජන සීමාවන් ඉහළ නංවා ඇති බව අද පෙනෙන්න තිබේ.
මේ නිසා වරාය නගරය සම්බන්ධයෙන් අද ව්‍යාකූලත්වයක් මතුව ඇති බව කිවයුතුය. වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු සැලකිය යුතු ආයෝජකයන් ප්‍රමාණයක් වරාය නගරය දෙසට ආකර්ශනය වු බවක් දක්නට නැත. පොදුවේ රට තුළ ද විදේශ ආයෝජන වල ප්‍රතිශතය වේගයෙන් පහත වැටි ඇත. විශේෂයෙන් ආයෝජකයන් දිරිගැන්වීමට ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැත.ඒ් ගැන මෙම අය වැයෙන් දක්වා නැත. ඉහතින් දැක්වු ආකාරයටම IMF යෝජනා ඒ් ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීමට අද ආණ්ඩුව කැප වී සිටිම මෙයට හේතුවයි.
ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීයකු පසුගිය දා අප සමග පැවසුවේ, වරාය නගරයට යම් ආයෝජකයෙක් පැමිණෙන්නේ නම් ඒ් පිළිබදව පුර්ණ විස්තරයක් IMF නියෝජිතයන්ට ලබා දිය යුතු බවයි. එම ආයෝජකයන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සහ එම ආයෝජනයේ ඇති උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනු ලබන්නේ IMF නියෝජිතයන් බව එම නිලධාරීයා තවදුරටත් පැවසීම තුළින් පෙනී යන්නේ කුමක්ද?. ආණ්ඩුව කිසිදු තර්කයක් නොමැතිව IMF කොන්දෙසි පිළිගැනීම නොවේද?.
IMF වැඩ සටහනට අනුකූල වීම සදහා වරාය නගරයට එන ආයෝජකයන් දිරිගැන්වීමට අවධානය වැඩි කැර ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කළත්, ඉන් නිසි ප්රතිපළයක් තවමත් ලැබී නැත.ඊට හේතුව වී ඇත්තේ ආණ්ඩුවේ බදු සහන වැඩපිළිවෙළ තුළ ගුණාත්මක නිර්ණායකයන් නිර්මානය වී නොමැති විමයි. ඒ්සේම අය වැය තුළින් ක්‍රමවත් පූර්වාදර්ශයක් පෙන්වා දී නොමැති වීමයි. මේ වන විට වරාය නගරය තුළ ආයෝජන ආරම්භ කැර ඇති ව්‍යාපාරිකයන් ද සතුටු දායක මනසකින් කටයුතු කරන බවක් පෙනෙන්නේ නැත.ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ IMF බලපෑම නිසා ආණ්ඩුවට ස්ථිර ආර්ථික වැඩ පිළිවෙළක් ගොඩනගා ගැනීමට නොහැකි වී යෑමයි.
මෙහිදී අපට පෙනී යන තවත් දේශපාලන කාරණයක් වන්නේ වරාය නගර සැලැස්ම ව්‍යාකූල කිරීමට අමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් මෙන්ම , ඉන්දියාව ද විවිධ වු උපායමාර්ග සැලසුම් ක්‍රියාවට නංවා ඇති බවයි. මේ නිසා වරාය නගරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ දිරිගැන්වීම දේශපාලන මයාවක් බව කිවයුතුව තිබේ.
විශේෂ දේශපාලන වාර්තාකරු
