Impartial news reporting for a stronger democratic society
BBCය ට්‍රම්ප්ගෙන් සමාව  අයැදී

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2021 ජනවාරි 6 වැනිදා සිදු කළ කතාවක් සංස්කරණය කර පැනරාමා වාර්තා වැඩසටහනක භාවිත කළ ආකාරය පිළිබඳව විවේචන එල්ල වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් BBC පුවත් සේවය ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සමාව අයැද තිබේ.

එහෙත් එම පුවත් සේවය පවසන්නේ වන්දි ඉල්ලා ඔහු සිදුකරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි.

සිය වැඩසටහනක් හරහා ජනාධිපති ට්‍රම්ප් ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග සඳහා සෘජු ඉල්ලීමක් කර ඇති බවට වැරදි හැඟීමක් ඇති කළ බවත්, 2024 විකාශය කළ එම වැඩසටහන නැවත විකාශය නොකරන බවත් BBC පුවත් සේවය අවධාරණය කර ඇත.

කෙසේවෙතත් මෙම සිදුවීම පාදක කර ගනිමින් BBC පුවත් සේවයේ ඉහළ නිලධාරීන් දෙදෙනකු වූ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් තනතුරුවලින් ඉවත් වී සිදුවූ අතපසුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටිය ද ඒ සඳහා වන්දි ලබා නොදුනහොත් ඩොලර් බිලියන 1 (පවුම් මිලියන 759) ක වන්දියක් ඉල්ලා BBCයට නඩු පවරන බවට ට්‍රම්ප්ගේ නීතිඥයන් තර්ජනය කැර තිබේ.

BBC සභාපති සමීර් ෂා ධවල මන්දිරයට පෞද්ගලික ලිපියක් යොමුකර ඇති අතර, එය 2021 ජනවාරි 6 වන දින ජනාධිපතිවරයාගේ කතාව සංස්කරණය කිරීම සම්බන්ධයෙන් ඔහු සහ ආයතනය කණගාටු වන බව ජනාධිපති ට්‍රම්ප්ට පැහැදිලි කර ඇති බව ද BBCය පවසයි.

කෙසේවෙතත් ෆොක්ස් නිවුස් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා තිබුණේ BBCය තමාගේ කතාව විකෘති කැර ඇති බවත් එය ඉදිරිපත් කළ ආකාරය නරඹන්නන් රැවටීමට ලක්කර ඇති බවයි.

දිනමිණ ඇසුරින්

Follow by Email
LinkedIn
Share
WhatsApp