Impartial news reporting for a stronger democratic society
Asian Shooting Rifle / Pistol Championship තරගාවලියේ දී උමායාට රීදී පදක්කමක්

ඉන්දියාවේ නව දිල්ලි නුවර දී පසුගිය  (02- 14 දා ) දා  පැවැති Asian Shooting Rifle / Pistol Championship තරගාවලියේ දී මීටර් 10m Air Rifle කාන්තා කේවල කනිෂ්ඨ අංශයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ උමායා ඕවිටිගල රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

 ඇය මේවන විට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ උසස් පෙළ තාක්ෂණ අංශයේ විෂය ධාරාව හදාරන ශිෂ්‍යයාවකි.

ඇය මෙම ඉසව්වේ මූලික තරග වටයේදී අවසන් තරග වටය සදහා සුදුසුකම් ලැබු ක්‍රීඩිකාවන් අට දෙනා අතර 7 වැනි ස්ථානයේ රැදී සිටි අතර උමායා පසුව  එහි අවසන් තරග වටයේ දී දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් රිදී පදක්කම ජයග්‍රහණය කිරීම විශේෂයත්වයකි. මෙම ජයග්‍රහණත් සමගින් ආසියානු මට්ටමක දී කේවල තරගයක ඉසව්වක දිනාගත් පලමු ශ්‍රී ලංකා පදක්කම ලෙස උමායා ඕවිටිගල ඉතිහාසයට එකතු විය. 

2015 වසරේ දී ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැති ආසියානු වෙඩිතැබිමේ තරගාවලියේදි වායු පිස්තෝල කණ්ඩායම් තරග ඉසව්වෙන් අමාලි කුලතුංග (SL Army) , තරංගා දිල්රුක්ෂි (SL Navy) සහ රුවිනි අබේමාන්න (MAS Holdings)  රිදී පදක්කම දිනා ගැනීමද  සමත් විය.

  සටහන – සමීර මදුසංක හේවා ගමගේ

Follow by Email
LinkedIn
Share
WhatsApp