Impartial news reporting for a stronger democratic society
 ශ්‍රී ලංකාවට වු හානිය තක්සේරු කරන්න ජපානයෙන් කණ්ඩායමක් එයි

දිටිවා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත හානිවලට ප්‍රතිචාර වශයෙන් ජපාන රජය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හරහා ශ්‍රී ලංකාවට තක්සේරු කණ්ඩායමක්  මේ වන විට  එවා ඇත.

මෙම කණ්ඩායම  අද (30) ජපානයෙන් පිටත් වී ඇති බව සඳහාන්ය.

මෙම කණ්ඩායම JICA කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය නිලධාරීන් ඇතුළු සාමාජිකයන් 4 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට හදිසි ආධාර ලබා දීමට ජපානය තීරණය කඅර ඇති අතර, JICA හරහා විපතට පත් ජනතාවට කූඩාරම් සහ බ්ලැන්කට් ඇතුළු හදිසි සහන භාණ්ඩ ලබා දීමට ද තීරණය කැර ඇත.

(Source- cyber World Press)

Follow by Email
LinkedIn
Share
WhatsApp