
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 212ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කැර අලුත්ම තොරතුරුවල සඳහන්ය.
මේ වනවිට පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) උදෑසන 11.30 නිකුත් කළ නිවේදනයෙසඳහන් ය.
මේ අතර වැඩිම ආපදා මරණ ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් බවත් සිදුව ඇති අතර. මරණ සංඛ්‍යව 71කි.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 52ක් ද මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 20ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 15ක් ද සිදුව තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් සහ ආපදාවන්ට ලක්වූ ස්ථානයන් වෙත තවමත් මුදාගැනීමේ සහන කණ්ඩායම්වලට ළඟාවීමට අසීරු වී ඇති අතර, මේ හේතුවෙන් මහනුවර පුද්ගලයන් 105 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 53 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 27 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 24 දෙනෙකු අතුරුදන්ව ඇත.( දිනමිණ ඇසුරෙන්)

