Impartial news reporting for a stronger democratic society
අපදාවන්ට පත්ව සිටින පිරිස් මූදවා ගන්න ඉන්දියාවෙන් මෙහෙයුම් කණ්ඩායමක් සමඟ Chetak හෙලිකොප්ටර් 2ක්

ඇතිවී තිබෙන අනපේක්ෂිත ආපදාවන් හමුවේ ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති පිරිසට 80 දෙනෙකු අයත් වන බවයි කියන්නේ. එම කණ්ඩායමට කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු ඇතුළත් වෙනවා. මේ අතරට මෙවැනි මෙහෙයුම් නිරත හොඳින් පුහුණු කළ සුනඛයින් සිව්දෙනෙකු ද ඇතුලත් බව වාර්තා වෙනවා. මෙම ගලවාගැනීමේ කණ්ඩායමත් සමඟ මෙවැනි මෙහෙයුමක දී අවශ්‍ය කෙරෙන උපකරණ ද දිවයනට රැගෙන විත් තිබේ.

තවද ,අයහපත් කාලගුණයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව ගලවා ගැනීමේ කටයුතු වෙනුවෙන් INS වික්‍රාන්ට් නෞකාවේ, Chetak හෙලිකොප්ටර් යානා (ඉන්දියාවේ නිෂ්පාදිත) 2ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් සමඟ පිටත් වූ බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා තහවුරු ැර තිබේ.

(Cyber world Press- Colombo)

Follow by Email
LinkedIn
Share
WhatsApp