Impartial news reporting for a stronger democratic society
ගංවතුර – නායයෑම් මැද ඉන්දුනීසියාවට භූ කම්පනයක් ! 34ක් මරුට – 52ක් අතුරුදන්

අධික වරුෂාව හේතුවෙන්ව ගංවතුර සහ නාය යෑම්වලට මැදිවී සිටින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට උතුරින් රිච්ටර් මාපකයේ 7.3ක ප්‍රබල භූ කම්පනයක් ඊයේ (28) සිදු වූ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

භූ කම්පනයෙන් ජීවිත හානි සිදුවීම් වාර්තා නොවූවද මේ වනවිටත් අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් දකුණු ආසියාතික රටවල් රැසක් ද භූ කම්පනයෙන් නොසන්සුන්තාවට පත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව ඉන්දුනීසියාවේ භුවිද්‍යා ඒජන්සිය තහවුරු කැර ඇති අතර, උතුරු සුමාත්‍රා දූපතේ ගොඩනැඟිලි කිහිපයකට හානි සිදුවී ඇති බව සඳහාන් වෙයි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපා ඇති අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ඊයේ(28) වන විට පුද්ගලයන් 34 දෙනකු ජිවිතක්ෂයට පත්වී ඇති බවත්, අතුරුදන් වූ තවත් පුද්ගලයන් 52 දෙනකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කැර ඇති බවත්, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බෙංගාල බොක්ක ආශ්‍රිතව මලක්කා අර්ධද්වීපය අවට මුහුදු තීරයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමෙන් දැඩි වර්ෂාපතනයක් හටගෙන ඇති අතර, උතුරු ඉන්දුනීසියාවෙන් අටදහසකට අධික ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. නාය යැම් හේතුවෙන් නිවාස සහ ගොඩනැඟිලි රැසක් සහ මාර්ග රැසක් විනාශ වී ඇතැයි සඳහාන් වේ.

( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp