
බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි විශාලතම සහ ජනාකීර්ණ පැල්පත් නිවාස පෙළක ඊයේ (28) ඇති වූ ගින්නකින් අසූදහසකට ආසන්න පිරිසක් අවතැන් කරමින් 1,500කට අධික පැල්පත් ප්‍රමාණයක් විනාශ වූ බව එරට මාධ අනාවරණය කරයි.
පෙරේදා පස්වරුවේ මේ ගින්න හට ගැනීමත් සමඟ එම ස්ථානයට පැමිණි ඩකා නගරයේ ගිනි නිවන ඒකකය ගින්න මැඬ පැවත්වීමට පැය 5කට අධික කාලයක් පුරා දැඩි උත්සාහයක නිරත වූ බව ද බංග්ලාදේශ මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඩකා අගනුවර කොරේල් නමැති ප්‍රදේශයේ පිහිටි එම පැල්පත් ගින්නෙන් කිසිදු ජීවිත අනතුරක් සිදුවී නැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවද බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කරයි. ඩකා නුවර පොලීසිය ගින්න පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.( දිනමිණ ඇසුරෙන්)
