Impartial news reporting for a stronger democratic society
තායිලන්තයට හදිසි තත්ත්වයක් ! ගංවතුරෙන් 82ක් මරුට – 13000ක් අවතැන්

 තායිලන්තයට බලපා ඇති අධික වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්  කැර ඇතැයි විදෙස් මාධ්‍ය  අවධාරණය කරයි.

දශක ගණනාවකට පසු එරට දරුණුතම ගංවතුරට මුහුණ දී සිටින තායිලන්තයේ මැලේසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි හට් යැයි නගරයට පෙරේදා මිලිමීටර් 335ක අධික වර්ෂාවක් පතිත වී ඇත.

එය වසර 300කට පසු වාර්තා වූ ඉහළම වර්ෂාපතනය බවට  සඳහාන් වෙයි. දකුණු තායිලන්තයේ නගර රැසක් ජලයෙන් යටවීමත් සමඟ පුද්ගලයන් 82කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද වාර්තා වේ. එම පළාතේ බොහෝ නගරවල නිවාස සහ ගොඩනැඟිලි ජලයෙන් යටවී ඇති අතර, සිය නිවාසවල වහල මත නැඟ සිටි නිවැසියන් මුදා ගැනීමට එරට හමුදාව හෙලිකොප්ටර් භාවිත කැර  ඇතැයි ද  සඳහාන් වේ.

වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් අවතැන් වූ 13,000කට අධික ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කැර ඇති බවත්, පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට රජයේ සහන කණ්ඩායම් යොදා ඇති බවත් එරට රජය ප්‍රකාශ  කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp