
කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්රදේශවලට මෑත ඉතිහාසයේ ඇති නොවූ මට්ටමේ ගංවතුර අධි අවදානම් තත්ත්වයක් ඉදිරි පැය 24ක කාලය තුළ ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිතුත් කරමින් කියයි .
මේ තත්ත්වයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, උපරිම ආරක්ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ළඟාවන ලෙසත් එම ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

