Impartial news reporting for a stronger democratic society
ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යයි ! ඩිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලාංකිකයෝ  56 ක් මරුට – 21ක් අතුරුදන්

ඩ්ට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ 56 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු අතුරුදන් වි ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

සිකුරාදා වෙරළබඩ තැනිතලා ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යන බැවින් ගංගා නිම්නවලින් ඉවත් වීමට ජනතාවට අනතුරු අඟවා ඇති අතර, බලධාරීන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම සේවාවන් ගැන අවදානයෙන් ඉන්නා ලෙස දන්වා තිබේ.

ඉන්දියානු කාලගුණ විද්‍යා කාර්යාලය කුණාටු රළ ඇතිවීම පිළිබඳව ද අනතුරු අඟවා තිබේ.

“උණුසුම් රළ පහරින් මීටර් 1.0 සිට 1.5 දක්වා උසකින් යුත් කුණාටු රළ පහරක් UTC 29/0600 දක්වා ශ්‍රී ලංකාවේ උතුරේ පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවීමට ඉඩ ඇත,” අනතුරු ඇඟවීමේ සඳහන්  වෙයි.

කැළණි ගඟේ ගංවතුර ඉහළ යමින් පවතින අතර ගඟ අවට පදිංචිව සිටින කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට ඉහළ බිම් වෙත යන ලෙස ඉල්ලීමක් කැර තිබේ. ගම්පහ අත්තනගලු ඔය ද ගංවතුර මට්ටමේ පැවතින බව මෙි වන විට අනාවරණය වෙයි.

මේ වන විට බොහෝ ජලාශ පිටාර ගලමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

( Reported by- Cyber World Press)

Follow by Email
LinkedIn
Share
WhatsApp