Impartial news reporting for a stronger democratic society
සමස්ත චීන කාන්තා සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමුුුුන්ට රුපියල් මිලියන 43ක ද්‍රව්‍ය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ළමයින්ගේ යහපැවැත්ම සහ සංවර්ධනය සඳහා සහාය වීමට  සමස්ත චීන කාන්තා සම්මේලනය (ACWF)  යුවාන් 1,000,000 ක් (ආසන්න වශයෙන් රු. මිලියන 43) වටිනා ද්‍රව්‍ය තොගයක් පසුගිය දා පරිත්‍යාග කැර   ඇත.

මෙම පරිත්‍යාගයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකාවන්ගේ දරුවන් සඳහා මව සහ දරුවා සඳහා කාමරයක් සහ ළමාරක්ෂක මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා උපකරණ,  කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හරහා බෙදා හැරීමට නියමිත කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන ඊට  ඇතුළත්  වෙයි.

නිල වශයෙන් භාරදීමේ උත්සවය පසුගිය දා (25) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

 මෙම පරිත්‍යාග  කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා සහ කාන්තා හා ළමා කටයුතු  ඇමැතිනි සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි  සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය වෙත නිල වශයෙන් භාර දීම ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා අති් සිදු විය.

 කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා  අදහස් දැක්වමින් කියා සිටියේ, මෙම පරිත්‍යාගය මඟින් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ගැඹුරු සහ දිගුකාලීන මිත්‍රත්වය පිළිබිඹු කරන බවයි. කාන්තාවන්ගේ සහ දරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම පොදු ප්‍රමුඛතාවයක් ලෙස පවතින බවත්, සමස්ත චීන කාන්තා සම්මේලනයේ අඛණ්ඩ සහයෝගයය අවංකවම කෘතඥතාව පළ කරන බවත් පැවසීය.

කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය කියා සිටියේ,චීනයේ මෙම කාලෝචිත දායකත්වයට කෘතඥතාව පුද කරන බවයි. පරිත්‍යාග කරන ලද ද්‍රව්‍ය කාන්තාවන් සහ දරුවන්, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් නඟා සිටුවීම අරමුණු කරගත් අඛණ්ඩ වැඩසටහනට  මෙය සෘජු ශක්තියක්  වෙන බව ඇය ප්‍රකාශ කළාය.

 ශ්‍රී ලංකාවේ චීන තානාපති  චී ෂෙන්හොං මහතා   කියා සිටියේ, චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රත්වයේ දිගු ඉතිහාසයක් බෙදා ගන්නා බවත්, සමස්ත චීන කාන්තා සම්මේලනයේ මෙම පරිත්‍යාගය කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ළමයින්ගේ යහපැවැත්මට  ශ්‍රී ලංකාව දරණ උත්සාහයන්ට සහාය දැක්වීම වෙනුවෙන්  චීනයේ කැපවීම පෙන්නු බවයි.

 මෙම දායකත්වය 2023 සහ 2024 වසරවල පැවති ඉහළ මට්ටමේ රැස්වීම්වලදී කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ACWF අතර පැවති සාකච්ඡාවලින් පසුව වන අතර, එහිදී චීන රජය පාසල් නිල ඇඳුම් ලබා දීම සහ සංසදයේ අනාගත මුලපිරීම් සඳහා සහාය ඇතුළුව මූල්‍ය ආධාර ලබා දීමට අදහස් කරන ලදී.

නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා, පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂ සරත් කුමාර මහතා සහ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරු ලලිත් අධිකාරි මහතා සහ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

චන්දන විජේකෝන්

Follow by Email
LinkedIn
Share
WhatsApp